Colombo Today Local News

පපුව රිදුනොත් පෝලිම අතහැර වහාම රෝහල් ගත වෙන්න. – සෞඛ්‍ය අංශ වලින් දැනුම්දීමක්

ඉන්ධන සහ ගෑස් ලබාගැනීම සඳහා පෝලිම්වල සිටියදී ශ්වසන අපහසුතා මෙන්ම පපුවේ වේදනාවන් දැනෙන්නේනම් පෝලිම අතහැර වහාම රෝහලක් වෙත යන ලෙස සෞඛ්‍ය අංශ දැනුම්දීමක් කරයි.

විශේෂයෙන් ඉන්ධන සහ ගෑස් පෝලිම්වල සිටින මැදිවියේ පුද්ගලයන් සහ මැදිවිය ඉක්මවූ පුද්ගලයන් මේ පිළිබඳව අවධානයෙන් සිටීම වැදගත් බව කායික රෝග විශේෂඥ වෛද්‍ය උපුල් දිසානායක සඳහන් කරයි.

දියවැඩියාව, අධිරුධිර පීඩනය, හෘද රෝග ඇති පුද්ගලයන් පෝලිම්වල සිටියද තම සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වඩා සැලකිල්ලෙන් කටයුතු කළ යුතුයි.

පෝලිම්වල සිටිය ද මෙම පුද්ගලයන් තමන්ගේ ඖෂධ නිසි ආකාරයෙන් ලබාගැනීම සහ ජලය පානය කිරීම වැදගත් බව විශේෂඥ ‍වෛද්‍යවරයා සඳහන් කළේය.

මේ වන විට පෝලිම්වල සිටිය දී නොයකුත් හේතුන් මත පුද්ගලයන් දහතුන්දෙනකු මියගොස් ඇති අතර ඉන් අටදෙනකු පමණ හෘදයාබාධ වැලඳීමෙන් මියගොස් ඇත.

Related posts

හෙද වර්ජනයෙන් රෝගීන් අමාරුවේ !

colombotoday

“නීතිය හා සාමය ෆොන්සේකාට දී 2020 දක්වාම යහපාලනය කරන්න ශ්‍රීලනිපය එකගයි” – දුමින්ද දිසානායක

colombotoday

ඊයේ පත්වුණු නියෝජ්‍ය කතානායක යලි ඉල්ලා අස්වෙයි

colombotoday

ඉන්දුනීසියාවේ ප්‍රබල භූකම්පනයක්

Admin

නායකතුමා ෆොන්සේකව තියන් ඉන්නෙ මහින්දලාට බුරන්න, උසී කිවම බුරනවා – ෆොන්සේකා-තෙවරප්පෙරුම ගැටුම දරුණුවටම ඇවිළෙයි…

colombotoday

මන්ත්‍රී ගජේන්ද්‍රකුමාර් ට විදෙස් ගමන් තහනමක්

Admin