Colombo Today Local News

පැමිණීමට නියමිත තිබූ පෙට්‍රල් නැව ප්‍රමාද වෙයි

අද (23) උදෑසන මෙරටට ළඟා වීමට නියමිතව තිබූ පෙට්‍රල් (ඔක්ටේන් 92) මෙට්‍රික් ටොන් 40,000ක් රැගත් නෞකාව දිනකින් ප්‍රමාද වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

ට්විටර් පණිවුඩයක් යොමු කරමින් අමාත්‍යවරයා සඳහන් කරන්නේ, ඒ අනුව අද (23) සහ හෙට (24) සීමිතව පෙට්‍රල් බෙදා හැරෙනු ඇති බවයි.

ඔටෝ ඩීසල් රට පුරා පූර්ණ ධාරිතාවයෙන් බෙදා හරින බවත් සුපර් ඩීසල් බෙදා හැරීම සිදු වන්නේ සීමා සහිතව බවත් අමාත්‍යවරයා යොමු කළ ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් ය.

Related posts

ජනාධිපති ‘නිදහස් ජනතා සන්ධානයට’ බයයි – ඩිලාන් පෙරේරා කියයි

Admin

එක්ස්ප්‍රස් පර්ල් ගැන ජනපති කාර්යාලයෙන් ප්‍රකාශයක්

Admin

සංචාරක යුක්‍රේන ජාතිකයින් ශ්‍රී ලාංකිකයින්ට කෘතඥතාවය පල කරයි

colombotoday

පෞරාණික වටිනා පිළිමයක් විකිණීමට ගිය අයෙක් අත්අඩංගුවට

colombotoday

අසල්වැසියන්ගෙන් මවට සහ පුතුට මාරාන්තික පහරදීමක්

Admin

ප්‍රවාහනය කරමින් තිබූ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 9ක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday