Colombo Today Local News

පෞරාණික වටිනා පිළිමයක් විකිණීමට ගිය අයෙක් අත්අඩංගුවට

පෞරාණික වටිනාකමක් ඇති රත්‍රං බවට සැක කෙරෙන පිළිමයක් වංචණික ලෙස විකිණීමට තැත් කල පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.

විශේෂ කාර්ය බලකාය වව්නියාව කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි වව්නියාව කදවුරු අණදෙණ නිලධාරී පොලිස් පරික්ෂක ඒ.එම්.පී.එන්. අධිකාරි ඇතුළු නිලධාරීහු පිරිසක් මොරගොඩ, මෙගොඩවැව, නිවසක් තුළ දී මේවා අත්අඩංගුවට ගෙන ඇත.

පෞරාණික වටිනාකමක් ඇති රත්‍රං බවට සැක කෙරෙන පිළිමයක් වංචණික ලෙස විකිණීමට තැත් කිරීම සහ බලපත්‍ර‍ නොමැතිව බෝර 12 වර්ගයේ ජීව උණ්ඩ සමග සැකකරු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය වැඩි දුරටත් කියයි.

සැකකරු මොරගොඩ පොලිස් ස්ථානය වෙත බාර දී ඇත.

Related posts

රාජිතගේ කතාව නිසා කැබිනට් සමප්‍රකාශකයෙක්?

colombotoday

ඉන්ධන ඉල්ලා පංචිකාවත්තෙන් පාර වහයි – මාර්ග රැසක දැඩි වාහන තදබදයක්

colombotoday

ජෙනරාල් ජගත් ජයසූරියට එරෙහි යුද අපරාධ චෝදනා යුද හමුදාව ප්‍රතික්ෂේප කරයි

colombotoday

එස්.බී.-ඩිලාන් ඇතුළු 5 ක් ශ‍්‍රීලනිප මධ්‍යම කාරක සභාවෙන් ඉවතට

colombotoday

‘මැන්ඩවුස්’ සුළි කුණාටුව නිවාස 5640ක් හානි කරයි – තුනක් බිලි ගනී

Admin

මහනුවර දිගන ආශ්‍රිතව අදත් සුළු භු චලනයක්

colombotoday