ඇඹිලිපිටියේ තරුණයාගේ මරණය සම්බන්ධයෙන් අධිකරණ නියෝග මත අත්අඩංගුවට ගත යුතු ඇඹිලිපිටිය පොලිසියේ හිටපු පොලිස් නිලධාරීන් 21 දෙනා ස්ථාන මාරුවීම් ලබා රාජකාරි කටයුතුවල යෙදෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කරයි.
‘ඇඹිලිපිටියේ සිද්ධියට සොයන 30 ක් අතුරුදන් ඒ අතර පොලිසියේ 21 ක් ලෙසින් ඊයේ (05 දා) ‘දිවයින’ මුල් පිටුවේ පළවූ පුවත සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරීමක් කරමින් ඔහු මේ බව තහවුරු කර ඇත.
අදාළ පොලිස් නිලධාරීන් ස්ථාන මාරුකිරීමෙන් පසු ඒ ඒ පොලිස් ස්ථානවල රාජකාරි කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සිය නිවේදනයෙන් කියා සිටියි.