extremism & terrorism activitiesWorld

නබි තුමාට අවමන් කළා යැයි උද්ඝෝෂණය කල මුස්ලිම් ජාතිකයන්ට පන්න පන්නා පහර දෙති. දෙදෙනෙක් මරුට

භාරතීය ජනතා පක්ෂයේ නායකයින් දෙදෙනෙකු විසින් මුහම්මද් නබි තුමාට අපහාස වන ආකාරයේ ප්‍රකාශ සිදුකලායැයි කියන සිද්දියක් මුල් කරගනිමින් ඉන්දියාවේ විරෝධතා රැල්ලක් ඇතිවී තිබේ.

දහස් සංඛ්‍යාත මුස්ලිම්වරුන් සිකුරාදා යාඥාවෙන් පසු මාර්ග අවහිර කරමින් ඊයේ (11) සිදුකල විරෝධතා මැඩපැවැත්වීම සඳහා ඉන්දියාවේ රංචි නගරයේ පොලිසිය සිදුකල වෙඩි තැබීමකින් මුස්ලිම් ජාතික විරෝධතාකරුවන් දෙදෙනෙකු මිය ගොස් විශාල පිරිසක් බරපතල තුවාල ලබා ඇත.

රංචි නගරයේ මුස්ලිම් ජාතිකයන්ට අයත් වෙළඳසැල් 1,100 කට වැඩි ප්‍රමාණයක් උදෑසන සිට වසා දමා විරෝධය පළකර තිබුණි.

විරෝධතාකරුවන් පොලීසිය සමඟ ඊයේ ඇති වූ ගැටුමෙන් පසු ජාර්කන්ඩ් නගරයේ ප්‍රදේශ කිහිපයකට ඇඳිරි නීතිය පනවා තිබේ. මුහම්මද් නබි තුමා සම්බන්ධයෙන් කළ ප්‍රකාශය හේතුවෙන් භාරතීය ජනතා පක්ෂ නායිකාවක වන නුපූර් ෂර්මා අත්අඩංගුවට ගන්නා ලෙස විරෝධතාකරුවන් ඉල්ලා සිටියි.

රාන්චි නගරයට රැස්ව සිටි විශාල ජනකායක් නුපූර් ෂර්මාට සහ දිල්ලි භාරතීය ජනතා පක්ෂයේ මාධ්‍ය ඒකකයේ හිටපු ප්‍රධානී නවීන් ජින්ඩාල්ට එරෙහිව සටන් පාඨ නැඟූහ.

විරෝධතාකරුවන් ගල්මුල් ප්‍රහාර එල්ල කිරීම හේතුවෙන් කලහකාරී පිරිස පාලනය කිරීමට පොලිසිය වෙඩි තබා ඇත.

වෙඩි වැදීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මිය ගිය බව නගර පොලිස් ප්‍රධානී අන්ෂුමන් කුමාර් තහවුරු කළේය. තවත් 8 දෙනෙකු සහ පොලිස් නිලධාරීන් හතර දෙනෙකු තුවාල ලබා ඇත.

Related posts

මඟීන් – කාර්යය මණ්ඩලය 66 ක් එක්ක ගුවන් යානයක් අතුරුදන්

colombotoday

ඉන්දියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවෙකු කොරෝනා වලට බිලි වෙයි

colombotoday

ජූලි සිට ප්‍රංශයේ හලාල් තහනම්

colombotoday

ඉන්දියාව “චන්ද්‍රයාන් – 3” සඳ ට යවයි

Admin

ඇමරිකානු ගුවන් කඳවුරු දෙකක් ඉලක්ක කර ඉරානයෙන් මිසයිල ප්‍රහාරයක්

colombotoday

ට්විටර් CEO තනතුර ගන්න මෝඩ අයෙක් හමුවෙනතුරු මස්ක් බලා සිටී

Admin