Colombo Today Local News

සහල් හිඟයක් ඇති වෙන්නේ නෑ – ඇමති මහින්ද අමරවීර කියයි

සහල් හිඟයක් ඇති වෙනවා යැයි කිසිම බියක් ඇති කර ගන්න එපා යැයි කෘෂිකර්ම වනජීවී සහ වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේ දී අද (9)දින පැවසීය.

මුලදී තත්ත්වය නරක වුනත් දැන් හොඳ තත්ත්වයක් නිර්මාණය වෙමින් තිබෙන බව කී අමාත්‍යවරයා මෙි වනවිට හෙක්ටයාර හාර ලක්ෂ 47000ක් බිම් සැකසීම් සිදුව තිබෙන අතර එය පසුගිය කන්නයන් සමඟ සසඳන විට හොඳ තත්වයක් බවද සඳහන් කළේය.

සහල් හිඟයක් ඇති වෙන්නේ නම් ඒ අවුරුද්දේ අවසාන දවස් කීපයකට පමණක් බවත් ඒ හිඟයටත් අවශ්‍ය සහල් මිලදී ගැනීම සඳහා වෙළෙඳ ඇමති ඇනවුම් ලබාදී තිබෙන බවත් අමාත්‍යවරයා කීය.

පෙබරවාරි මාසය වන විට මාස් කන්නයේ අස්වැන්න ලැබෙන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

Related posts

මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 6,120ක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

Admin

දින තුනකදී යතුරුපැදි වැරදි සම්බන්ධයෙන් නඩු 13,000ක්

colombotoday

“සිංහල-මුස්ලිම් ගැටළු යහපත්ව විසදන්න අපට බැරිවුණා.. පරාජයට ඒකත් හේතුවක්“ – හිටපු ජනපති

colombotoday

ජනපති තීන්දුවට ගරු කරාවි කියලා විශ්වාස කරනවා – රනිල්

colombotoday

“රටක් ලෙස ඉදිරියට යෑමට කැබිනට් වෙනසක් කලා“ – ජනපති

colombotoday

සරසවි සිසුවෙක් පිහිණුම් තටාකයේ ගිලී මරුට

Admin