ජූනි මසදී අත්සන් කිරීමට නියමිත ඉන්දු ලංකා වෙළද සහ සේවා ගිවිසුමෙන් ලැබෙන රේගු සහන උපයෝගී කරගනිමින් මිනිස් මළ වලින් තැනූ පොහොර පෙත්තක් ගෙන් ඒමට ලංකාවේ පොහොර සමාගම්ල අවධානය යොමු ඇතැයි වාර්තා වේ.
ආදළ පොහොර පෙත්ත ගෙන්වුවහොත් ලංකාවට දැඩි තර්ජනයක් ඇතිවිය හැකි බව පරිසරවේදීන් අනතුරු අගවයි. මෙම මිනිස් මල පොහොර පෙත්ත හරහා ලංකාවට විවිධ විශබීජ පැතිරීමේ අවදානමක් ඇතැයිද ඔවුන් පෙන්වා දෙති.
මීට පෙර කිසිදු වග විභාගයකින් තොරව ඉන්දියාවෙන් ගෙන්වන ලද රෙඩ් ෆාම් ශාකය හේතුවෙන් ලංකාවේ පොල් කර්මාන්තයට විශාල විනාශයක් සිදු වූ බවද ඒනිසා ඇතිවු වැලිගම විල්ට් (හිටු මැරිල්ල) රෝගයෙන් පොල් ගස් ලක්ෂ 3කට ආසන්න ප්‍රමාණයක් විනාශ වූ බවද පරිසරවේදීන් පෙන්වා දෙති.