Colombo Today Local News

සොරාගත් දුරකතනය සොයා ගිය පියා මරුට. පුතුන් දෙදෙනාටත් පිහියෙන් ඇනලා..

රාගම පොලිස් වසමේ කැන්දලියද්දපාලුව ප්‍රදේශයේදී ඊයේ (7) රාත්‍රී කාලයේදී පුද්ගලයෙකුට පිහියකින් ඇන ඝාතනය කර තිබේ.

මරණකරු වයස අවුරුදු 55ක් වන කැන්දලියද්දපාලුව, ගනේමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මරණකරුගේ ජංගම දුරකතනය සැකකරු සොරාගෙන ඇති බවට දැන ගෙන මරණකරු සහ ඔහුගේ පුතුන් දෙදෙනා ඒ පිළිබඳව විමසීම සඳහා සැකකරුගේ නිවසට ගොස් ඇත.

එහිදී ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාම හේතුවෙන් සැකකරු මරණකරුට සහ ඔහුගේ පුතුන් දෙදෙනාට පිහියකින් ඇන තුවාල සිදු කර පළා ගොස් ඇති බව පොලිසිය සඳහන් කරයි.

එහිදී බරපතළ තුවාල ලබා සිටි මරණකරු රාගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇති අතර මෘත ශරීරය රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇත.

ඝාතනය සිදු කළ සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය පවසයි.

සැකකරු ද තුවාල ලබා සිටීම හේතුවෙන් රාගම රෝහලට ඇතුළත් කර වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබයි.

සිද්ධිය සම්බන්ධයෙන් රාගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Related posts

ලියාපදිංචි නොකල පිළිකා බෙහෙත් රටතුළ. – බළධාරීන් නිහඩයි!

colombotoday

ඒකීය ලේබලය ඇලවූ රට බෙදන ව්‍යවස්ථාවක් – මහින්ද රාජපක්ෂ

colombotoday

රිෂාඩ් බදියුදීන්ගේ ආරක්ෂක නිලධාරියා පොලිස් අත්අඩංගුවට

colombotoday

ජනපති තීරණයෙන් මුදල් අමාත්‍යාංශය අලි අමාරුවක.. රනිල් – මෛත්‍රී සීතල යුද්ධය සැර වන ලකුණු

colombotoday

“රාජපක්ෂ එලෙව්වේ අපේ න්‍යායපත්‍රයෙන්” ඇමරිකාව කියන කතාව ජවිපෙත් කියයි

colombotoday

නව අග්‍රාමාත්‍ය වරයා ලෙස රනිල් වික්‍රමසිංහ දිවුරුම් දෙයි

colombotoday