Colombo Today Local News

පොලිස් ත්‍රීවීලරයකට පහර දුන් විරෝධතාකරුවෙක් වසර 3 1/2ක් කූඩුවට

රජයට එරෙහිව පසුගිය දා මාතර මහානාම පාලම මතදී පැවැත්වූ විරෝධතාවක් අතරතුර පොලිස් ත්‍රීවීල් රථයකට පහරදී අනර්ථයක් සිදු කිරීමේ චෝදනා යටතේ අත්අඩංගුවට ගත් පුද්ගලයකුට මාතර මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ (6)දින වසර තුනහමාරක සිර දඬුවමක් නියම කර ඇත.

විරෝධතාව අතරතුරදී අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර සිටි මාතර මැද්දවත්ත ජනරජ මාවතේ පදිංචිකරුවකුට මාතර ප්‍රධාන මහෙස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා මෙසේ සිර දඬුවම් නියම කර තිබේ.

මාතර පොලිසිය විසින් විත්තිකරුට එරෙහිව අයුතු ජනරාශියක සාමාජිකයෙකු වීම, අයුතු අවහිර කිරීම, පොලිස් නිලධාරීන්ට සාපරාධී බලහත්කාරකම් පෑම, පොලිස් නිල රථයක් වූ ත්‍රිරෝද රථයකට පහරදී අනර්ථයක් සිදු කිරීම යන චෝදනා හතරට වැරදිකරු කරමින් සහ විත්තිකරුගේ පෙර වැරදි සැලකිල්ලට ගෙන මෙම නියෝගය ලබා දී තිබේ.

මාතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත ද සොයිසා මහතාගේ උපදෙස් මත මාතර මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.සී. හෙට්ටිආරච්චි මහතාගේ මෙහෙයවීමෙන් මාතර අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක අනිල් ඇතුළු නිලධාරීන් විසින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.

Related posts

“එක ගඩොලක් ගැලවුණා.. අනිත් ගඩොලුත් එකින් එක ගැලවෙයි“ – මහින්ද

colombotoday

නාලක සිල්වාට අනිවාර්ය නිවාඩු

colombotoday

අට්ටාලයක සිට කුඩු ජාවාරම් කළ තිදරු මවක් අත්අඩංගුවට

Admin

මැතිවරණ දිනය තීරණය කිරිමට කොමිෂම අද රැස්වෙයි

colombotoday

ඡන්දෙන් පස්සේ ශ්‍රීලනිපය පොහොට්ටුව සමගයි – ඇමති සුසිල්

colombotoday

වේදෙනිගම හිමි පැහැරගෙන ගොස් නෑ – පැවිදි ගුරුහිමියන් පවසති

colombotoday