Colombo Today Local News

යල කන්නයට ඉන්දියාවෙන් ණයට පොහොර

යල කන්නය සඳහා අවශ්‍ය පොහොර කඩිනමින් ලබා දීමට ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා එකඟතාව පළ කළ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ඉන්දීය ණය ආධාර යටතේ මෙම පොහොර තොගය ලැබෙන අතර මෙරටට ලැබී දින 20ක් ඇතුළත මෙම පොහොර තොගය බෙදාහැරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් ද නිකුත් කරමින් සදහන් කරයි.

වාරිමාර්ග ක්ෂේත්‍රය මුහුණ දෙන අභියෝග සහ විසඳුම් පිළිබඳ ඊයේ (ජූනි 1) පස්වරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේදී පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව සඳහන් කර ඇත.

මෙහිදී උමාඔය සහ මොරගහකන්ද ව්‍යාපෘති මෙම වසර නිම වීමට පෙර අවසන් කර මහ කන්නය සඳහා ප්‍රතිලාභ ලබා දිය හැකි බව ත් මොරාණ, මහගල්ගමුව පෝෂිත ඇළ, මහගෝණ වැව, විලකණ්ඩිය වැව සහ ගොඩිගමුව වැව ව්‍යාපෘති මීට සමගාමීව වැඩ නිම වීමට නියමිත බව ත් මෙහිදී අනාවරණය වී තිබේ.

එමෙන් ම විදේශීය අරමුදල් යටතේ අරඹා ඇති ව්‍යාපෘති අපේක්ෂිත කාලසීමාවේදී අවසන් කිරීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දී ඇත.

යල කන්නයේ වගා කටයුතු සඳහා වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ මහවැලි අධිකාරිය යටතේ ජලය සැපයෙන ඉඩම්වලින් 50%ක් මේ වන විට වපුරා ඇති බව අදාළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.

Related posts

එජාප ඇමතිවරු දෙන්නෙක් පුද්ගලික ව්‍යාපාර ගොඩදාගන්න රේගුවේ නීති වෙනස් කරලා !

colombotoday

ග්‍රාම නිලධාරීන්ට සුළු පැමිණිලි විසඳීමේ පොලිස් බලය ලබාදීමට අවධානය

Admin

දුම්රිය ගමන්වාර 22ක් අවලංගුයි

colombotoday

IMF ගිවිසුම ගැන දින 3ක් පාර්ලිමේන්තු විවාදයට

Admin

ETCA අත්සන් කළොත්, අගමැති රනිල්ගේ මරණ වරෙන්තුව අත්සන් කරා කියල හිතාගන්න

colombotoday

යතුරුපැදි සොරම් කල තිදෙනෙක් දැලේ

colombotoday