Colombo Today Local News

හරීන්ගේ තනතුර නලීන් බණ්ඩාරට

සමගි ජනබලවේගයේ මෙහෙයුම් ප්‍රධානී ලෙස කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පත්කර ඇත.

එයට අදාල පත්වීම විපක්ෂ නායක සහ සමගි ජනබලවේගයේ නායක සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ විපක්ෂ නායක කාර්යාලයේදී අද(02)දින පරිනමනු ලැබීය.

කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පක්ෂයේ මෙහෙයුම් ප්‍රධානී තනතුරට අමතරව නියෝජ්‍ය මහලේකම්, විපක්ෂයේ නියෝජ්‍ය සංවිධායක සහ සමගි ගොවි බලවේගයේ ජාතික සංවිධායක ලෙසද කටයුතු කරයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා මෙයට පෙර සමගි ජනබලවේගයේ මෙහෙයුම් ප්‍රධානී ලෙෂ කටයුතු කළේය.

මෙම අවස්ථාව සඳහා පක්ෂ මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර මහතාද එක්ව සිටියහ.

Related posts

වැට් බද්දට සංශෝධනයක්.. පුංචි සහනයක් දෙන්න තීරණය වෙයි

colombotoday

මෙරටදී ගුවන් මගීන්ට PCR පරීක්ෂණවලට භාජනය නොවී සමාජගතවීමට අවස්ථාව

colombotoday

ළමා අසභ්‍ය දර්ශන අන්තර්ජාලයට යොමුකළ බඩල්කුඹුරේ තරුණයා අත්අඩංගුවට

colombotoday

අල් හුසේන් යාපනේ.. ද්‍රවිඩ දේශපාලන නියෝජිතයන් සමග සාකච්ඡා

colombotoday

71 හැවිරිදි මව අත්පා ගැට ගසා නිරුවත් කර මරා දාලා

Admin

ඇවන්ඩ්ගාඩ් ලොක්කා ඩුබායි යයි. රටින් යද්දී පරිගණක දත්ත පද්ධතිය,කැමරා පද්ධතිය අවුල් සහගත වෙලා

colombotoday