තීරු බදු රහිතව නීති විරෝධී ලෙස මෙරටට ගෙන්වන ලද ග්රෑම් 241යි මිලිග්රෑම් 480ක් බරැති රත්රන් මාලයක් සමග සැකකාරියන් දෙදෙනෙකු හා සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.
එහි වටිනාකම රුපියල් ලක්ෂ 65ක් පමණ වන බවයි විශේෂ කාර්ය බලකා නිලධාරීන් සඳහන් කරයි.
පොලිස් විශේෂ කාර්ය බලකා ගෝනහේන කොට්ඨාශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව දෙහිවල කවුඩාන, ප්රදේශයේ සිදුකළ වැටලීමකදී ඔවුන් අත්අඩංගුවට ගත් බව සඳහන්.
කොළඹ 12 සහ දෙහිවල ප්රදේශවල පදිංචිකරුවන් වන සැකකරුවන් 20, 35 සහ 42 වන වියේ පසුවේ.