Colombo Today Local News

දුරදිගය ගිය පවුල් ආරවුලට මැදි වූ අයියා මරු දකී… නංගීවත් ඝාතනය කර සැමියා රෝහලේ.

නවගත්තේගම, මුල්ලේගම ප්‍රදේශයේදී එක ම පවුලේ සහෝදරයෙකු හා සහෝදරියක ඝාතනය කර තිබේ.

පවුල් ආරවුලක් දුරදිග යාම හේතුවෙන් එම ඝාතන සිදුව ඇති බව පොලිසිය සඳහන් කරයි.

අඹුසැමි යුවළක් අතර ඇතිවූ ආරවුලක් සමතයකට පත් කිරීමට බිරිඳගේ වැඩිමහල් සොහොයුරෙකු පැමිණ ඇති අතර එහිදී ස්වාමි පුරුෂයා විසින් ඔහුට තියුණු ආයුධයකින් පහර දී තිබේ.

ඔහු බිරිඳට ද එම අවස්ථාවේදී පහර දී ඝාතනය කර ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 32 හැවිරිදි පුද්ගලයෙකු සහ ඔහුගේ 25 හැවිරිදි නැගණියයි.

සැකකරු ද තුවාල ලබා පුත්තලම රෝහලට ඇතුළත් කර ඇති අතර ඔහු පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබන බව පොලිසිය වැඩිදුරටත් සදහන් කරයි.

Related posts

රාජ්‍ය ආයතන සඳහා කාර්යමණ්ඩල කැඳවීමට අදාළ චක්‍රලේඛය නිකුත් කෙරේ

colombotoday

ගයත්‍රිගේ මවවත් කොරෝනට බිලි වෙයි

colombotoday

අවුරුදු හතරක දැරියක් කෘෘරත්වයට පත් කළ පියෙකුට වැඩ වරදී

colombotoday

අළුගෝසු තනතුර කාටද ? දෙවන දිනටත් සම්මුඛ පරීක්ෂණ අවසන්

colombotoday

යකඩ පොල්ලකින් පහර කෑ පුද්ගලයෙක් මිය යයි

Admin

නාවලපිටිය ජය අනුරට

Admin