Colombo Today Local News

ස්වාධීන කොමිෂන් සභා පිහිටුවා තිබෙනවා… ඒනිසා FCIDය දැන් ඇති – මුදල් රාජ්‍ය ඇමති

ජනාධිපති විමර්ෂණ කොමිෂන් සභාවක්, ස්වාධීන පොලිස් කොමිෂමක් හා ස්වාධීන අල්ලස් කොමිසමක් ආදී ආයතන මේ වන විට ස්ථාපිත කර ඇති බැවින්, පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශයේ (එෆ්.සී.අයි.ඞී) අවශ්‍යතාවයක් නැතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.

ජනාධිපති කොමිසම, ස්වාධීන පොලිස් කොමිසම වැනි ආයතනයන්ට වංචා දූෂණ පිළිබඳ විමර්ශන භාරදීමෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය යොදාගෙන පෞද්ගලික පළිගැනීම් කරන බවට රජයට එල්ල වන චෝදනාද ඉවත් වනු ඇතැයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙය තමන්ගේ මතය බව පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා පක්‍ෂයේ අනෙකුත් අය දරන්නේත් මෙවන් මතයක් බවට තමා විශ්වාස කරන්නේ යැයි ද සඳහන් කළේය.

එමෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය නොබෙදී ඉදිරියට යා යුතු බවට මේ වන විට ප‍්‍රාදේශීය මට්ටමින් මතයක් ඇති වෙමින් පවතින බවත් ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී පක්‍ෂය නොබෙදී එයට ඉදිරිපත්වීම ස්ථිරවම සිදුවනු ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන පැවසීය.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොළඹ, ඩාර්ලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේ අද (3) පැවති මාධ්‍ය හමුවක දීය.

Related posts

පරීක්ෂණයක් ඉල්ලා බස් හිමියන්ගෙන් ජාත්‍යන්තරයට පැමිණිල්ලක්

colombotoday

ඇඳිරිය තිබියදී විවෘත තැබෙන ඉන්ධන බෙදුම්හල්

colombotoday

ආපන ශාලා සංගම් සභාපතියැයි කියන කැන්ටින් අසේල අලෙවිසලක යකා නටයි

colombotoday

සනත් නිශාන්තට එරෙහි නඩුවෙන් විනිසුරුවරයෙකු ඉවත්වෙයි

Admin

ලෝ ලෙවල් මාර්ගයේ කොටසක් හෙට වැසේ

Admin

දකුණු කොරියාවත් COVID අනතුරේ… ශ්‍රී ලාංකිකයන්ට විශේෂ දැනුවත් කිරීමක් !

colombotoday