Colombo Today Local News

අතුරුදහන්ව සිටි දෙදරු මවකගේ සිරුර මහවැලියේ

දින තුනක් තිස්සේ අතුරුදහන්ව සිටි දෙදරු මවකගේ සිරුර මහවැලි ගගේ තිබි අද (30) දින හමු වු බව නාවලපිටිය පොලිසිය පවසයි.

මහවැලි ගගේ තිබි මෙසේ හමුවුයේ නාවලපිටිය ගෝනාවල පතන ප්‍රදේශයේ පදිංචි නිරංජලා දමයන්ති නැමති (38) හැවිරිදි දෙදරු මවගේ සිරුරයි.

මිය ගිය දෙදරු මව ඉකුත් (27) දින නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ නේවාසික ප්‍රතිකාර ලබන සිය මව බැලිමට යන බව පවසා නිවසින් බැහැර වි ඇති බවත්, නැවත ඇය නිවසට නොපැමිණි නිසා පවුලේ ඥාතින් මේ පිලිබදව නාවලපිටිය පොලිසිය පැමිණිල්ලක් කර ඇත.

මහවැලි ගගේ නාවලපිටිය කිතුල්කොට ප්‍රදේශයේ නාදුනන කාන්තා මළ සිරුරක් ඇති බවට ප්‍රදේශවාසින් විසින් ලබාදුන් තොරතුරක් මත නාවලපිටිය පොලිසිය විසින් සිරුර ගොඩගැනිමෙන් පසු එය අතුරුදහන්ව සිටි කාන්තාවගේ සිරුර බව ඥාතින් විසින් හදුනාගෙන ඇත.

මියගිය කාන්තාවගේ වැඩිමහල් දියණිය මෙවර අපොස සාපෙල විභාගයට පෙනි සිටින සිසුවියක් බවත්, ඇය මව අතුරුදහන් වු දින සහ සිරුර හමු වු (30) දිනයෙත් විභාගය සදහා පෙනි සිටිමට ගොස් ඇති බව ඥාතිහූ කියති.

Related posts

ජනපති රනිල්ගෙන් රංජිත් ආරියරත්න ට විශේෂ තනතුරක්

Admin

දිඹුලාගල රජ්ජුරුවෝ.. ඉරක් දකිමු තිතක් ළඟ

colombotoday

ආණ්ඩුවේ මන්ත්‍රීලාට සියළු දීමනාවලට අමතරව රු. ලක්ෂ 3ක මාසික සහන මල්ලක්

colombotoday

දැන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට හම්බෙන ගාණ මට හම්බෙනවද.. නෑනේ

colombotoday

අලුත් පක්ෂය වෙනුවට සංසදයක්.. නායකයා මහින්ද.. සභාපති දිනේෂ්

colombotoday

“නාමල්ගෙන් උපදෙස් ගන්න මම දේශපාලන බබෙක්ද” – හිටජු ජනපති

colombotoday