Colombo Today Local News

විදුලි ගාස්තුව තුන් හතර ගුණයකින් ඉහළ යන ලකුණු

විදුලි ගාස්තුව සංශෝධනය කිරීමට යෝජනාවක් ඉදිරිපත් කොට ඇති බව ත් එසේ වුවහොත් විදුලි ගාස්තුව තුන් හතර ගුණයකින් ඉහළ යා හැකි බව ත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසයි.

විශේෂයෙන් අඩු ආදායම්ලාභීන් පීඩාවට පත් නොවන ලෙස විදුලිය ගාස්තුව සංශෝධනය කිරීමට සැලසුම් කරන බවත් මෙහිදී අධික විදුලි පරිභෝනයක් ඇති කර්මාන්ත, හෝටල් ඇතුළු හඳුනාගත් ක්ෂේත්‍ර කිහිපයක ගාස්තු සංශෝධනය වන බව ද අමාත්‍යවරයා සඳහන් කරයි.

සමස්තයක් ලෙස ගත්කල විදුලි ඒකකයක් නිෂ්පාදනය කිරීම සඳහා රුපියල් 47.18ක මුදලක් වැය වන බව ද අමාත්‍යවරයා අවධාරණය කරයි. මෙම විදුලි බිල් ගාස්තු සංශෝධනය කැබිනට් මණ්ඩල අනුමැතියෙන් හා මහජන උපයෝගිතා කොමිසම අවසරයෙන් සිදු කිරීමට බලාපොරොත්තු වන බව ද අමාත්‍යවරයා කියා සිටී.

අධික ලෙස විදුලිය භාවිත කරන්නන් සූර්ය පැනල සඳහා කඩිනමින් ප්‍රවේශ වන ලෙසත් රජයේ රෝහල්, පාසල්, රජයේ ගොඩනැගිලිවලටද සූර්ය පැනල සවි කිරීමේ හැකියාව පිළිබඳ සොයා බලන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

Related posts

උතුරු මහඇමතිට අසාධ්‍යයි.. කොළඹදී හදවත් සැත්කමක්

colombotoday

අස්වැසුම වැඩසටහනේ අභියාචනා සහ විරෝධතා මිලියනය පනී

Admin

කොමදෝරු දසනායක ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ගල් පැලෙන බොරු කියලා !

colombotoday

හිටපු ජනපති දිවයිනට.. පිළිගන්න මහ ජනකායක් කටුනායකට !

colombotoday

මේක බුද්ධිගලනයක් නොවේ බුද්ධිය පලවාහැරීමක් – GMOA දැන් කියන කතාව

Admin

කන්න 3කට පසු ගොවීන් ලක්ෂ 12කට අද සිට මඩ පොහොර

Admin