පාර්ලිමේන්තුවේ සිටින 225 ම බූරුවන් බවට ජනතා විමුක්ති පෙරමුණේ නායකයා පවසා ඇති බව ත් එසේ නම් අනුර දිසානායක මහතා ද ඒ ගණයට වැටෙන බව ත් හිටපු රාජ්‍ය අමාත්‍ය විමලවීර දිසානායක පවසයි.
අනුර කුමාර දිසානායක මහතා පවසන පාර්ලිමේන්තුවේ බූරුවන් පිළිබඳ කතාවට තමා කිසිසේත් ම එකඟ නොවන බව ද පාර්ලිමේන්තුවේ සිටින්නේ බුද්ධිමත් පිරිසක් බව ද විමලවීර දිසානායක මන්ත්‍රිවරයා කීය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මාධ්‍ය හමුවකට ඊයේ (මැයි 23) එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේ ය.