Colombo Today Local News

ශ්‍රී ලංකාවට අත්‍යවශ්‍ය ඖෂධ සැපයීමට ජපානයෙන් ආධාර

ශ්‍රී ලංකාවට කඩිනමින් අවශ්‍ය වී ඇති අත්‍යවශ්‍ය ඖෂධ සැපයීම සඳහා ජපානය අමෙරිකානු ඩොලර් මිලියන 1.5ක් UNICEF ආයතනයට ලබා දී තිබේ.

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, ජපානය ලබා දෙන මුදලින් ශ්‍රී ලංකාවට අවශ්‍ය ඖෂධ මිල දී ගෙන සැපයීමට UNICEF ආයතනය පියවර ගනු ඇති බව ය.

මෙම ඖෂධ සැපයීම හරහා ශ්‍රී ලාංකිකයින් මිලියන 1.2කට සහන සැලසෙන අතර ඒ අතර ගර්භණී මව්වරුන් 53,000ක් සහ දරුවන් 122,000ක් වන බව ද අදාළ නිවේදනයේ දැක්වේ.

මෙම වැඩපිළිවෙළ හරහා මාස දෙකක කාලයක් තුළ අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 25ක් ශ්‍රී ලංකාවට හිමි වනු ඇත.

Related posts

වසවිෂ රට කිරි වෙනුවට මිල්කෝ-හයිලන්ඩ් ඉල්ලුම ඉහළට… නිශ්පාදන වැඩි කරන්න කෘෂි ඇමතිගෙන් උපදෙස්

colombotoday

තලංගමදී වෙඩි ප්‍රහාරයකට ලක්වූ පුද්ගලයා මරුට

Admin

සංචාරය කරන්න සුදුසුම රටවල් 23 අතරට ශ්‍රී ලංකාවත්

Admin

සමාජ මාධ්‍ය නියාමනය වන පනත ගැන වෙරිටේ රිසර්ච් මතය

Admin

ලංකාවට ත්‍රිරෝද රථ ගෙන්වීම නවත්විය යුතුයි

colombotoday

අද මධ්‍යම රාත්‍රියේ සිට දුම්රිය රියදුරන් වර්ජනයක

Admin