Colombo Today Local News

ලිට්‍රෝ ගෑස් සමාගම අද කෝප් කමිටුව හමුවට

ලිට්‍රෝ ගෑස් සමාගමේ ඉහළ කළමනාකාරීත්වය අද (20)දින කෝප් කමිටුව හමුවට කැඳවා තිබේ.

ඒ, පවතින ගෑස් හිඟය හා ඊට අදාළ විසඳුම් පිළිබඳ විමර්ශනය කිරීම සඳහායි.

මේ අතර 9 වැනි පාර්ලිමේන්තුවේ, දෙවැනි සභාවාරයේ රාජ්‍ය ගිණුම් කාරක සභාවේ, පළමු වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය.

ඒ, එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රි මහාචාර්ය තිස්ස විතාරණ මහතා විසිනි.

රාජ්‍ය ගිණුම් කාරක සභාව හමුවට කැඳවන ලද ආයතන 7 ක විමර්ශන මෙම වාර්තාවට ඇතුළත් වේ.

පරිවාස හා ළමාරක්ෂක සේවා දෙපාර්තමේන්තුව, සමූපකාර සංවර්ධන දෙපාර්තමේන්තුව සුරාබදු දෙපාර්තමේන්තුව යන ආයතන ද ඒ අතර වන බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Related posts

බස්රථ 12.000ක් මැයි රැළිවලට ගිහින්.. රට පුරා මගී ප්‍රවාහනය බිද වැටේ

colombotoday

සති දෙකක් තුළ වැඩි මිලට සහල් විකුණු 1000 කට නඩු

colombotoday

වරායේ සිරවී ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ නිදහස් කරන්න මුදල් ලබාදීමට බන්දුල එකඟ වෙයි

colombotoday

වෙළඳ හා සමෘද්ධි සංවර්ධන ඇමැති ශෙහාන් සේමසිංහ වැඩ භාර ගනි.

colombotoday

සබරගමු මහ ඇමති මහීපාල හේරත් අනතුරකට ලක්වෙයි

colombotoday

විහාර දේවාලගම් පනතින් මහා නාහිමිවරුන්ටත් ඉහළින් ගිහි තනතුරක්!

colombotoday