Colombo Today Local News

ඥානසාර හිමි මුණගැසෙන්නන්ගේ තොරතුරු අගමැති ගෙන්වා ගනී

ganasara thero

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් බැහැ දැකීම සදහා බන්ධනාගාරයට පැමිණෙන පුද්ගලයන් සම්බන්ධයෙන් සියළු තොරතුරු ලබා දෙන ලෙස අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍යාංශය බන්ධනාගාර කොමසාරිස්වරයාට නියෝග කර ඇති බව අධිකරණ අමාත්‍යාංශ අභ්‍යන්තර තොරතුරු මාර්ගවලින් Colombotoday වෙත වාර්තා වනවා.

පසුගිය දින කිහිපයේදී ඤාණසාර හිමියන් බැලීම සදහා බන්ධනාගාරයට සහ බන්ධනාගාර රෝහලට පැමිණ පුද්ලයන් සහ එහිදී සිදුවූ කතා බහ සම්බන්ධයෙන් මුද්‍රා තබන ලද සම්පූර්ණ වාර්තාවක් බන්ධනාගාර කොමසාරිස්වරයා විසින් අධිකරණ අමාත්‍යාංශයට යොමු කර ඇති අතර අධිකරණ අමාත්‍යාංශ විසින් එය විවෘත නොකර අගමැති කාර්යාලය වෙත යවා ඇති බවත් එම ආරංචි මාර්ග තවදුරටත් සදහන් කරනවා.

මෙම සිදුවීම සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් දැඩි අප්‍රසාදය පලකර ඇත. රටේ නීතිය සහ අධිකරණ පද්ධතිය ස්වාධීන වී ඇති බවට යහපාලන නියමුවන් උදම් අනද්දී මේ ආකාරයෙන් දේශපාලන බිලිබෑම් සදහා අගමැති කාර්යාලය විසින්ම අධිකරණ ක්‍රියාවලියට ඇගිලි ගැසීම යහපාලනයදැයි එම නිලධාරීන් දැඩිව ප්‍රශ්නකර ඇති බවද අධිකරණ අමාත්‍යාංශ තොරතුරු මාර්ග තව දුරටත් අනාවරණය කරයි.

Related posts

ගෝඨා අල්ලන්නැයි සිංගප්පූරු නීතිපතිට අපරාධ පැමිණිල්ලක්

colombotoday

මත් ජාවාරම්කරුවන්ට උදව් කළැයි අත්අඩංගුවේ සිටි එස්.ටී.එෆ්, එස් අයි නඩුවෙන් නිදහස

colombotoday

“කොළඹ ලෝකයට ගෙනියන්න නයිට් රේස් හොඳ අවස්ථාවක්” රේස් ගැන දන්න කප් ගහපු කෙනෙක් කියන කතාව

colombotoday

කන්න නැති රටවල් අතර ලංකාව හය වෙනි ස්ථානයට

Admin

ලිට්‍රෝ ගෑස් රුපියල් 835 කින් ඉහළ දැමීමට අවසර ඉල්ලයි

colombotoday

කට නිසා වැසිකිළි සෝදන රංජන්

colombotoday