Colombo Today Local News

සිරකරුවන් 101ට හෙට නිවාස නිවාඩු

බන්ධනාගාර 17ක් තුළ යහපත් කල් ක්‍රියාවෙන් ගතකළ සිරකරුවන් 101 දෙනෙකුට හෙට (මැයි 20) නිවාස නිවාඩු ලබා දීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

බන්ධනාගාර තුළ ක්‍රියාත්මක කෙරෙන ආගමික, අධ්‍යාපනික වෘත්තීය පුහුණු ඇතුළු බන්ධනාගාර පුනරුත්ථාපන ක්‍රියාවලියට දායකවූ යහපත් කල් ක්‍රියාවෙන් ගතකළ සිරකරුවන් 101 දෙනෙකුට එසේ නිවාස නිවාඩු ලබා දීමට නියමිත ය.

මෙම සිරකරුවන්ට මාස 6ට වරක් දින 7 දින 10 හා දින 14 බැගින් තෙවරක් නිවාඩු ලබා දෙන බව ද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක මහතා පවසයි.

එසේ නිවාඩු ගොස් යහපත්ව හා ඵලදායී ලෙස සිය ඥාතීන් සමග එම කාලය ගත කර නැවත බන්ධනාගාරය වෙත පැමිණෙන සිරකරුවන් බන්ධනාගාර බලපත්‍ර මණ්ඩලය වෙත ඉදිරිපත් කර ඔවුන්ව නිදහස් කර හැරීමට පියවර ගන්නා බව ද ඒකනායක මහතා පවසයි.

දීර්ඝ කාලයක් බන්ධනාගාරගතව සිටි සිරකරුවන් සඳහා මෙම නිවාස නිවාඩු ක්‍රමය ක්‍රියාත්මක කෙරෙන බව ද ඔවුන් පදිංචි ප්‍රදේශයන්හි පොලිසිය, පන්සල, ග්‍රාමනිලධාරි හා වින්දිත පාර්ශ්වයන්ගෙන් වාර්තාවක් ලබා ගැනීමෙන් අනතුරුව එම සිරකරුවන්ට එසේ නිවාස නිවාඩු ලබාදුන් බව ද ඒකනායක මහතා වැඩිදුරට ත් සදහන් කරයි.

Related posts

උදයංග වීරතුංගට ඇප

colombotoday

පක්‌ෂ නායකත්වයට නියම සුදුස්‌සා රවි කරුණානායක – හිටපු ඇමැති රත්තරන්(ක්‍රිෂාන්ත පුෂ්පකුමාර) කියයි

colombotoday

ආණ්ඩුවේ කුණු වහගන්න අපට චෝදනා කරනවා… අපේ කාලෙනම් කුණු ගෙනාවෙ නෑ !

colombotoday

භික්ෂුවකට ජාතියක් ගැන කතා කරන්න අයිතියක් නෑ – ඇමති රාජිත

colombotoday

බන්ධනාගාරය තුළට හෙරොයින් ගෙන ගිය පූසෙක්

colombotoday

“විධායකය අහෝසි කරන මුවාවෙන් රටේ ඒකීයභාවය අහෝසි කිරීමේ මෙහෙයුමක්” ව්‍යවස්ථා සංශෝධනයට ඒකාබද්ධ විපක්‍ෂ විරෝධය

colombotoday