ශ්රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී කණ්ඩායමේ රැස්වීමක් අද (14)දින පැවැත්වෙයි.
එම රැස්වීම අද පෙරවරු 9.00ට ජනාධිපතිවරයාගේ ප්රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේදී පැවැත්වීමට නියමිතව තිබුණි.
මහින්ද රාජපක්ෂ මහතා ප්රමුඛ ආණ්ඩුව ඉවත්වීමෙන් පසුව ශ්රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්රී කණ්ඩායම ජනාධිපතිවරයා හමුවෙන පළමු අවස්ථාව මෙය වනු ඇති.