Colombo Today Local News

වෘත්තිය සමිති රැසක් අදත් වර්ජනයේ

රාජ්‍ය හා පෞද්ගලික අංශයේ වෘත්තිය සමිති රැසක් එක්ව ක්‍රියාත්මක අඛණ්ඩ වැඩ වර්ජනය අද (11) තුන්වැනි දිනටත් ක්‍රියාත්මක වේ.

වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සමකැඳවුම්කරු වසන්ත සමරසිංහ සදහන් කරන්නේ, සෞඛ්‍ය, වරාය, විදුලිය ආදි ක්ෂේත්‍ර රැසක වෘත්තිය සමිති සාමාජිකයින් වැඩ වර්ජනයට එක්ව සිටින බවයි.

සෞඛ්‍ය වෘත්තිකයින් ද වැඩ වර්ජනයට සහය පළ කරන බව වෘත්තිය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සමකැඳවුම්කරු රවී කුමුදේශ් පවසයි.

මීට අමතරව ශ්‍රී ලංකා පරිපාලන නිලධාරීන්ගේ සංගමය ආරම්භ කළ වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය ද තවදුරටත් ක්‍රියාත්මකයි.

මේ අතර විදුහල්පති ‍ශ්‍රේණීධාරි සංගමය ද අද(11) දිනයේ වැඩ වර්ජනයක නිරත වන බව නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.

Related posts

“මං උඹට කුඩු පට්ටම් වෙන්න ගහනවා..” නිශාන්තගේ හඬ පටයක් එළියට

colombotoday

ගල් අගුරු මාෆියාව මිලියන 4000 ක් ගිල්ල හැටි හෙළිවෙයි

colombotoday

ඇල්පිටියේ වෙළඳසැලක් ගින්නකින් විනාශයි

Admin

ඩීසල් නැවක් දිවයිනට… තවත් නැවක් එයි

colombotoday

ශ්‍රී ලංකාවේ 34 වන පොලිස්පති පූජිත් ජයසුන්දර

colombotoday

දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න හා මහින්ද අමරවීර ඉවත් කරයි

Admin