Colombo Today Local News

පාර්ලිමේන්තුව අවට මාර්ග කිහිපයක් වසා දැමේ

55

පාර්ලිමේන්තු කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යෑම සඳහා පාර්ලිමේන්තුව අවට මාර්ග කිහිපයක් වසා දැමීමට පොලීසිය කටයුතු කර තිබේ.

ඒ අනුව දියත උයන මංසන්ධියේ (පොල්දුව මංසන්ධිය) සිට ජයන්තිපුර මංසන්ධිය දක්වාත්, ජයන්තිපුර මංසන්ධියේ සිට කියංහෑම් මංසන්ධිය දක්වාත් (ඩෙන්සිල් කොබ්බෑකඩුව මාර්ගය දක්වා) තිබෙන පාර්ලිමේන්තු පිවිසුම් මාර්ග අද සහ හෙට (06) දෙදින වසා තැබීමට කටයුතු කර ඇත.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත්තේ, පාර්ලිමේන්තු සැසිවාර පැවැත්වීමට නියමිත බැවින් විටින් විට එම පාර්ලිමේන්තුව අවට පැවැත්වෙන මහජන උද්ඝෝෂණ හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හා කාර්ය මණ්ඩලයට ගමන් කිරීමට බාධා ඇති වන බවය.

ඒ හේතුවෙන් පාර්ලිමේන්තු කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යෑමට නොහැකි බැවින් අදාළ මාර්ග තාවකාලිකව වසා දැමීමට තීරණය කර තිබේ.

එමෙන්ම පාර්ලිමේන්තු මාර්ගයට පිවිසෙන අතුරු මාර්ගයන් ද එම කාල සීමාව තුළ වසා තැබෙනු ඇත.

විකල්ප මාර්ග නොමැති එම සීමාව තුළ පදිංචි මහජනතාවට අනන්‍යතාවය තහවුරු කර ගමන් කිරීමේ හැකියාව පවතී.

Related posts

බලය බෙදන ව්‍යවස්ථාව ඕනමයි.. ශ්‍රීලනිප පිං ඇමතිලා ජනමත විචාරණයට බාධාවක්

colombotoday

චීනයේ සිට ආ සිසුන් දියතලාවට ගෙන ඒම නවතනු – මන්ත්‍රී වඩිවෙල් සුරේෂ්

colombotoday

රාජපක්ෂලා කොහොමත් ‘ෆේල්’ “කඩා වැටෙන ප්‍රතිරූපය රැකගන්න ආණ්ඩුව කූඨ උපක්‍රම අනුගමනය කරනවා…” – පාඨලීගෙන් සැර පහරක්

colombotoday

“ජනමාධ්‍ය ලේකම්ගේ ලිපිය රජයේ එකක් නෙවෙයි.. ඒ ගැන මම දන්නෙත් නෑ” ජනමාධ්‍ය ඇමති

colombotoday

IMF විස්තීරණ ණය වැඩසටහනේ පළමු සමාලෝචනය අද

Admin

චීන ක්‍රියාකාරකම් සොයා ලංකාව අවට සාගර කලාපය පුරා ඉන්දියානු ඩ්‍රෝන යානා යොදවයි

colombotoday