World

බ්‍රිතාන්‍යයෙනුත් යුක්රේනයට යුද ආධාර

යුක්රේනයට ඩොලර් මිලියන 400 කට ආසන්න යුද ආධාර ලබා දීමට බ්‍රිතාන්‍ය තීරණය කර තිබේ.

බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මේ බව ප්‍රකාශ පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යුක්‍රේනයට අඛණ්ඩ ආරක්ෂාවට සහය වීම සඳහා බ්‍රිතාන්‍ය මෙම පියවර ගෙන තිබෙන බවට වාර්තා වී තිබේ.

යුද ආධාර පැකේජයට ඉලෙක්ට්‍රොනික යුධ උපකරණ ඇතුළත් ය.

තව ද රේඩාර් පද්ධතියක් ඇතුළු යුද උපකරණ දහස් ගණනක් එම යුද ආධාර යටතේ යුක්‍රේනයට ලබා දෙනු ඇත.

යුක්රේන රජයෙන් කළ ඉල්ලීමකට අනුව, නැගෙනහිර යුක්රේනයේ සිවිල් වැසියන් ඉවත් කිරීමට අවශ්‍ය වන වාහන විශාල සංඛ්‍යාවක් ද බ්‍රිතාන්‍යයෙන් යවා තිබේ.

මේ අතර යුක්‍රේනයේ කියෙව්හි බ්‍රිතාන්‍ය තානාපති කාර්යාලය ද නැවත විවෘත කිරීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Related posts

පාකිස්ථානයේ බස් බොම්බයකින් 11ක් මරුට බිළි.

colombotoday

කිම් ජෝන්ගෙන් ට්‍රම්ප්ට ලිපියක්.

colombotoday

MH17 මගී ගුවන් යානය විනාශ වූයේ රුසියන් මිසයිලයකින් – තහවුරුයි

colombotoday

නයිජීරියාවේ ආයුධ සන්නද්ධ කැරුලිකරුවන් පාසල් ළමුන් 140 පැහැරගෙන

colombotoday

ලොව පුරා කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ලක්ෂ 34 ඉක්මවයි

colombotoday

කොවිඩ් පැතිර යන සෞදියේ මක්කම හා මදීනා ඇඳිරි නීතිය.

colombotoday