Colombo Today Local News

ජනතාව වෙනුවෙන් සම්මුතියකට පැමිණෙන්නැයි සියලු දේශපාලන පක්ෂ නායකයින්ට ජනපතිගෙන් යළි ඇරයුම්..

පවතින අභියෝග ජය ගැනීම සඳහා ජනතාව වෙනුවෙන් සම්මුතියකට එළඹීමට සියලු දේශපාලන පක්ෂ නායකයින්ට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලෝක කම්කරු දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් යළි ආරාධනා කරයි.

වැඩ කරන ජනතාව වෙනුවෙන් දේශපාලනය පසෙක තබා, ජනහිතකාමී විප්ලවීය පරිවර්තනයක් සහිත සුබ දිශානතියකට අරගලය යොමු කිරීමට එක්වන්නැයි ජනාධිපතිවරයා කම්කරු ජනතාවගෙන් ඉල්ලා සිටී.

ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ, පැන නැගුණ අයහපත් තත්ත්වය කවුරුන් විසින් සිදු කළේ ද යන්න පිළිබඳ පසු විපරම් කරනු වෙනුවට මේ මොහොතේ අප කළ යුතු වනුයේ ජනතාවට කඩිනමින් සහන සැලසිය හැකි වැඩපිළිවෙළ කුමක්ද යන්න පිළිබද අවධානය යොමු කිරීම බවයි.

සෑම තත්ත්පරයකම ජනතාවගේ පීඩාව අවම කිරීම සදහා විසඳුම් දිය හැකි ක්‍රමවේදනයක්ට පිවිස, පවතින අර්බුදවලට විසඳුම් සෙවීම අපගේ ඉලක්කය බව ජනාධිපතුමා නිකුත් කළ මැයි දින පණිවුඩයේ සඳහන් ය.

Related posts

රනිල්ට එරෙහිව ඌවේ විරෝධතා…

colombotoday

ජයම්පතී වික්‍රමරත්න ද්‍රවිඩ සන්ධානයේ කාමරයට වී හැදූ බියකරු ලියවිල්ල

colombotoday

පොහොට්ටුවේ ආණ්ඩුවකින් රාජිතට වෙන දේ මහින්ද කියයි !

colombotoday

ලක්ෂ 18කට අධික අයිස් තොගයක් සමග දෙදෙනෙක් දැලේ..

colombotoday

භූමිතෙල් ලබාදීමත් සීමාවෙයි

colombotoday

පොලීසියට එරෙහි පැමිණිලි 2400 ක්

colombotoday