World

බිට්කොයින් නීතිගත කළ ලොව දෙවන රට බවට මධ්‍යම අප්‍රිකානු ජනරජය පත්වෙයි

ලොව වැඩිම වටිනාකමක් සහිත මුදල් ඒකකය වන බිට්කොයින්(Bitcoin) නීතිගත කළ ලොව දෙවන රට බවට සහ අප්‍රිකාවේ ප්‍රථම රට බවට මධ්‍යම අප්‍රිකානු ජනරජය පත්ව තිබේ.

ඒ, එරට නීති සම්පාදකයන් විසින් සකස් කරන්නට යෙදුණු බිට්කොයින් නීතිගත කිරීමේ පනත් කෙටුම්පත සඳහා එරට ජනාධිපතිවරයාගේ අනුමැතිය හිමිවීමත් සමගයි.

මේ පිළිබඳව අදහස් දක්වමින් එරට ජනාධිපති Faustin-Archange Touadera ගේ කාර්ය ණ්ඩල ප්‍රධානී Obed Namsio ප්‍රකාශ කර ඇත්තේ , Cryptocurrency භාවිතය පාලනය කරන පනතක් පසුගිය සතියේ පාර්ලිමේන්තුව විසින් ඒකමතිකව සම්මත කරන ලද බවත් , එයට ජනාධිපතිවරයාගේ අනුමැතිය හිමි වූ බවත් ය.

මේ සමග මධ්‍යම අප්‍රිකානු ජනරජයේ නිල මුදල් ඒකකය වන මධ්‍යම අප්‍රිකානු CFA Franc සමගින් එරට නිල ගනුදෙනු සඳහා භාවිතා කරනු ලබන මුදල් ඒකකයක් බවට බිට්කොයින් පත් වේ.

රන් හා දියමන්ති සංචිතවලින් ඉතා පොහොසත් රටක් වුව ද මධ්‍යම අප්‍රිකානු ජනරජය ලොව දුප්පත්ම සහ අඩුම සංවර්ධිත රටවලින් එකක් වන අතර වසර ගණනාවක් කැරලිකරුවන්ගේ ප්‍රචණ්ඩත්වයට ග්‍රහණය වී ඇත.

Related posts

අගහරුගෙන් පාෂාණ නියැදියක් ගෙන ඒමට අභ්‍යවකාශ මෙහෙයුමක්

colombotoday

ඉන්දියාවේ කොවිඩ් ආසාදිතයින් මිලියන 5 ඉක්මවයි

colombotoday

ගාසා ගොඩබිම් ආක්‍රමණයකට සූදානම් – නෙතන්යාහු කියයි

Admin

දකුණු අප්‍රිකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ නිවහන ගිනි තියයි

colombotoday

AI ජාත්‍යන්තර රාමුවක් ගැන චීනය උනන්දුවෙන් – Elon Musk

Admin

ඉතාලියේ කේබල් කාර් අනතුරකින්න් 14ක් මිය යයි

colombotoday