Colombo Today Local News

බ්‍රිතාන්‍ය යුධ නැවක් කොළඹ වරායේ

බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදාවේ ‍ඩිෆෙන්ඩර් නෞකාව සුහද සංචාරයක් සඳහා කොළඹ වරායට පැමිණ තිබේ.

නාවික සම්ප්‍රදානුකූලව ශ්‍රී ලංකා නාවික හමුදා විසින් ඩිෆෙන්ඩර් නෞකාව පිළිගත් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් අක්‍රම් අලෙවි මහතා සඳහන් කළේය. දිවයිනට පැමිණීමෙන් පසු ඩිෆෙන්ඩර් නෞකාවේ අණදෙන නිලධාරී කමාන්ඩර් ස්ටෙෆාන් හයිගම් සහ නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අතර හමුවක් ද සිදුව තිබේ.

එහිදී දෙපාර්ශවය සුහද පිළිසඳරක නිරත වී ඇති අතර තිළිණ හුවමාරුවක් ද සිදුකෙරුණු බවයි නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් අක්‍රම් අලෙවි මහතා ප්‍රකාශ කළේය. ද්වීපාර්ශවීය මිත්‍රත්ත්වය සහ සුහදතාව වර්ධනය කිරීමේ අරමුණින් මෙරට නාවික හමුදාව සංවිධානය කළ වැඩසටහන් කිහිපයකට ද ඩිෆෙන්ඩර් නෞකාවේ නිලධාරීන් සහභාගී වීමට නියමිතව තිබේ.

ඩිෆෙන්ඩර් නෞකාව එක්සත් රාජධානියේ නිෂ්පාදනය කළ ලොව අති නවීනතම ප්‍රහාරක නෞකාවක් ලෙස සැලකෙන අතර එය මිසයිල නාශක අවි ඇතුළු ප්‍රහාරක අවිවලින් සන්නද්ධ බව සඳහන්ය. නාවික හෙළිකොප්ටරයක් ද සහිත මෙම නෞකාවේ සිට ගොඩබිම් ප්‍රහාර ද දියත් කළ හැකි වීම විශේෂත්වයක් බව නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේය.

Related posts

පවුල් ආරවුලක් නිසා සැමියා බිරිඳ ඝාතනය කරයි

Admin

“සීගිරිය බලකොටුවක් නෙමේ ලෙෂර් පාර්ක් එකක්”

colombotoday

ජනාධිපති වැඩ භාරගනිද්දී වෙනදා නොවුණු දෙයක් වෙයි…. සිස්ටම් එක Change වෙමින් පවතී… සමාජජාලාවල ඉහළ හරසර..

colombotoday

සමාව නොගතහොත් නීතීඥ වෘත්තියෙන් දොට්ට දානවා – අධිකරණ ඇමතිගෙන් අනතුරු ඇගවීමක් !

colombotoday

“කටු සූප්පුකාරයන්ට අපි යටත් නෑ.. කොක්කෙන් බැරිනම් කෙක්කෙන් හරි ආණ්ඩුව ගෙදර යවනවා” ප්‍රසන්න රණතුංග

colombotoday

IOC ඉන්ධන මිලත් අද රාත්‍රීයේ සිට පහළට

Admin