රටපුරා ලංකා සතොස ශාඛාවල අද දිනයේදීත් සහල් ඇතුළු අත්‍යවාශ්‍ය ද්‍රව්‍ය හිඟව තිබූ බව පාරිභෝගිකයෝ පවසති.
ඇතැම් පාරිභෝගිකයන් සහල් පිරිප්පු ආදිය මිලදී ගැනීමට ලංකා සතෝස ශාඛාවලට පැමිණ භාණ්ඩ නොමැති හේතුවෙන් හිස් අතින් නිවෙස් බලා යාමට සිදුව ඇත.
රටපුරා ලංකා සතෝස ශාඛා බහුතරයක රාක්ක හිස්ව තිබෙනු දක්නට ලැබේ.
මේ අතර ඇතැම් සුපිරි වෙළෙඳසල්හි රතු කැකුළු කිලෝවක් රුපියල් 145කට අලෙවි කෙරෙන අතර එක් පිරිභෝගියකුට මිලදි ගත හැක්කේ උපරිම සහල් කිලෝ තුනක් පමණක් බව ට කොන්දේසි පනවා තිබිණි.