Colombo Today Local News

සාරාගේ DNA පරික්ෂාවට සයින්දමරුදු පිපිරීමෙන් මිය ගිය පුද්ගලයින්ගේ සිරුරු කොටස් ගොඩ ගනී

පුලස්තීනි මහේන්ද්‍රන් නොහොත් සාරා ජෙස්මින් සම්බන්ධ DNA පරික්ෂාවක් සඳහා සයින්දමරුදු පිපිරිමෙන් මිය ගිය පුද්ගලයින්ගේ සිරුරු කොටස් ගොඩ ගැනීම මේ වන විට ආරම්භ වී තිබේ.

ඒ අම්පාර මහේස්ත්‍රාත්වරිය ඇතුළු විමර්ශන නිලධාරීන් සහ රජයේ රස පරීක්ෂක නිලධාරීන්ගේ සහභාගීත්වයෙනි.

2019 අප්‍රේල් 21 වැනිදා සහරාන් ප්‍රමුඛ මරාගෙන මැරෙන බෝම්බ කරුවන් පිරිසක් විසින් සිදු කරන ලද බෝම්බ ප්‍රහාරයට සමගාමීව සහරාන් හෂීම්ගේ සහෝදරයෙකු වන මොහොමඩ් රිල්වාන් විසින් 2019 වසරේ අප්‍රේල් 26 වැනිදා අම්පාර සයින්දමරුදු ප්‍රදේශයේදී මරාගෙන මැරනෙ බෝම්බයක් පුපුරාවා ගෙන මිය ගියේ ය.

විමර්ශනවලදි හෙළිවුණේ එහිදි වැඩිහිටියන් සහ ළමුන් ඇතුළු 17 ක් මියගිය බවයි.

නමුත් එම ස්ථානයේ සිටි බවට සැක කරන කටුවාපිටිය දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් එල්ල කරන ලද මොහොමදු හස්තූන් යන අයගේ බිරිඳ වන පුලස්තිනී මහේන්ද්‍රන් හෙවත් සාරා ජෙස්මින්ගේ මෘත ශරීරයේ කොටස් එහි ඇති බවට මීට පෙර දෙවතාවක් කළ DNA පරික්ෂණවලදී අනාවරණය නොවූ බව පොලිසිය ප්‍රකාශ කළේ ය.

එබැවින් නැවත වරක් මෘත ශරීර කොටස් ගොඩ ගෙන පරීක්ෂා කිරීමට විමර්ශන නිලධාරීන් තීරණය කර ඇති අතර ඒ සඳහා අවසර දෙන්නැයි කල්මුණේ මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඉල්ලීමක් ද කර තිබේ.

ඒ අනුව බෝම්බ ප්‍රහාරයෙන් මිය ගිය පුද්ගලයින්ගේ ශරීර කොටස් අම්පාර පොදු සුසාන භූමියේදී මේ වන විට ගොඩ ගැනීම ආරම්භ කර තිබේ.

Related posts

විධායක ජනාදිපති ක්‍රමය අහෝසි කලොත් හොදයි. රටම කියන්නෙ කරන්න කියලනෙ – මහින්ද රාජපක්ෂ

Admin

සුදු හා රතු බිත්තර වලට වෙන් වෙන් වශයෙන් පාලන මිලක්

colombotoday

ඉන්ධන පෝලිමේ සිටි කතුන් තුනක් අතුරුදන්. තවත් කතක් සැමියා ගෙදර යවා පෝලිමේ සිටි තරුණයෙකු සමග අනග රැඟුමේ

colombotoday

පාන් ගෙඩියකුත් රු 5කින් ඉහළයි

colombotoday

ශිෂ්‍යත්වය සහ උසස් පෙළ විභාග යළි කල් යයි

colombotoday

2018 වසරේ අලි 272 ක් මියගිහින්

colombotoday