Colombo Today Local News

අරලිය ගහ මැදුර ඉදිරිපිට විරෝධතාකරුවන් ඉවත් කිරීමට අවසර නෑ

කොල්ලුපිටිය අරලියගහ මන්දිරය ඉදිරිපිට පිරිසක් මහජන පීඩාවක් වන ආකාරයෙන් විරෝධතාවයේ යෙදෙමින් සිටින බැවින් එය නවතා දමන ලෙසට එම උද්ඝෝෂණකරුවන්ට නියෝගයක් නිකුත් කරන්නැයි කොල්ලුපිටිය පොලීසිය කළ ඉල්ලීමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂන කැකුණවෙල මහතා අද (25)දින ප්‍රතික්ෂේප කළේය.

උද්ඝෝෂණයේ යෙදෙන පිරිස් මහජන පීඩාවක් ඇතිවන ආකාරයෙන් කටයුතු කළහොත් ඒ සම්බන්ධයෙන් පොලිස් බලතල පාවිච්චි කර එය මැඩපවත්වන ලෙසට දැනුම් දෙමින් මහේස්ත්‍රාත්වරයා පොලීසියේ එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළේය.

මෙම උද්ඝෝෂණයට සහභාගී වන නිශ්චිත පිරිසක් නම් නොකොට ඉල්ලන ඉල්ලීම් සදහා තමන්ට නියෝග නිකුත් කළ නොහැකි බවත් එම පිරිස් කඩාකප්පල්කාරී ක්‍රියාවන් සිදුකළහොත් එයට පොලිස් බලය පාවිච්චි කරන ලෙසත් මෙහිදී මහේස්ත්‍රාත්වරයා පොලීසියට දැනුම් දුන්නේය.

ආණ්ඩුවට එරෙහිව ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන උද්ඝෝෂණයට සහාය පලකරමින් යම් පිරිසක් කොල්ලුපිටිය අරලියගහ මන්දිරය ඉදිරියේදී උද්ඝෝෂණයේ යෙදී ඇති බවත්, මේ හේතුවෙන් එම මාර්ගයේ පදිකවේදිකාව භාවිත කරන ජනතාවට මහත් හිරිහැරයක් සහ කරදරක් සිදුව ඇති බවත් කොල්ලුපිටිය පොලීසිය අධිකරණයට දැනුම් දී තිබිණි.

Related posts

මේක 225දෙනා කරපු දෙයක් නෙමේ. මිනිස්සු රස්සාවක්වත් හරියට කරනවද? – වරද මිනිසුන්ගෙයි ! අලි සබ්‍රි පාර්ලිමේන්තුව දෙවනත් කරයි

colombotoday

ඇවන්ගාඩ් නඩුවේදී වාර්තාවක්.. ගෝඨා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතීඥයෝ සියයක් එකවර පෙනී සිටිති

colombotoday

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත වසර 43කට පසු අලුත් වෙයි

colombotoday

දිවයින පුරා වනජීවි නිලධාරින් සංකේත වැඩවර්ජනයක..

Admin

අක්කර භාගයක කංසා හේනකට ගිනි තියයි

colombotoday

බලහත්කාරයෙන් නිවසට කඩාවැදුණු පොදුජන පෙරමුණේ නාගරික මන්ත්‍රී අනුර බණ්ඩාර අත්අඩංගුවට

colombotoday