පියල් නිශාන්ත හා ලොහාන් රත්වත්තේ පෙර දැරූ අමාත්‍ය ධුර තවදුරටත් ක්‍රියාත්මක බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 2276/64 අංක දරණ 2022.04.22 දිනැති අතිවිශේෂ ගැසට් පත්‍රයට අනුව ජනාධිපතිවරයා විසින් පත්කරන ලද රාජ්‍ය අමාත්‍යවරුන්ට අමතරව මීට පෙර පත්කර ඇති පහත සඳහන් රාජ්‍ය අමාත්‍යවරුන් ද තවදුරටත් කටයුතු කරන බව දන්වා ඇති බව නිවේදනයක් නිකුත් කරමින් ඔවුන් සඳහන් කරයි.
ඒ අනුව,
1. ලොහාන් රත්වත්තේ – මැණික් හා ස්වර්ණාභරණ ආශ්රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය
2. පියල් නිශාන්ත ද සිල්වා – කාන්තා හා ළමා සංවර්ධන, පෙරපාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය