Colombo Today Local News

පොලිස්පතිවරයා මානව හිමිකම් කොමිසමට

රඹුක්කන නගරයේ ඇතිවූ නොසන්සුන්කාරී තත්ත්වය සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් පිරිසක් මානව හිමිකම් කොමිසම වෙත අද(22)දින කැඳවා තිබේ.

අද පෙරවරු 11.00ට අදාළ නිලධාරීන්ට කොමිසම හමුවේ පෙනී සිටින නියෝග කර ඇති බව ශ්‍රි ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සදහන් කරයි.

ඒ අනුව පොලිස්පතිවරයා, මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, කෑගල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා, කෑගල්ල සහ රඹුක්කන පොලිස් ස්ථානාධිපතිවරුන් කොමිසම හමුවේ පෙනී සිටිමට නියමිතය.

මානව හිමිකම් කොමිෂන් සභාව සදහන් කරන්නේ, පසුගිය 19 වන දින රඹුක්කන නගරයේ පැවති විරෝධතාව පාලනය කිරීම අතර තුර විරෝධතාවයට එක්වූ ප්‍රදේශවාසීන් සහ පොලීසිය අතර ඇති වු ගැටුම පිළිබදව සිදුකරන ඉදිරි පරීක්ෂණ සඳහා ඔවුන් මෙලෙස එම කොමිසම වෙත කැඳවන බවය.

සිද්ධිය පිළිබඳව මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් පිරිසක් අදාළ ස්ථානයේ පරීක්ෂණ කටයුතු ආරම්භ කර ඇති අතර එම කණ්ඩායම ඉදිරිපත් කරන වාර්තාව පදනම් කරගනිමින් මානව හිමිකම් කොමිෂන් සභාව රජය වෙත නිර්දේශ නිකුත් කිරීමට නියමිතය.

රඹුක්කන නගරයේ පැවති විරෝධතාව අතරතුර පොලීසිය එල්ල කළ වෙඩි ප්‍රහාරයකින් නාරන්බැද්ද ප්‍රදේශයේ පදිංචි චමින්ද ලක්ෂාන් නැමැති පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්විය.

Related posts

සජබ සහකාර ලේකම් ධුරය කාවින්ද ජයවර්ධනට

colombotoday

බස්නාහිර හැර සෙසු සියලු පාසල් විවෘත වන දිනය මෙන්න

colombotoday

“දුම්රිය ගාස්තු ත් ඉහළ දමනවා “- ඇමති කියයි

colombotoday

වෛද්‍ය පැතුම් කර්නර්ට ඇප

colombotoday

බැඳුම්කර නඩුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය හමුවට මාරු කෙරේ

colombotoday

ආදායම් බලපත්‍ර නිකුත් කිරීම නවතී ?

colombotoday