Colombo Today Local News

“හතර මායිම දන්නේ නැතිව රට ගොඩනගන්න බෑ. මෙි ජනතා හැඟීම් දැනෙන්නේ නැති හිරිවැටුණු ආණ්ඩුවක්”

රටේ ආර්ථිකය ගොඩ නැගීමට හෝ රටෙි හතර මායිම් ගැන දැනීමක් නැති ගොඨාභය සියල්ල ගිනි බටයෙන් කරන්න පුළුවන් යැයි හිතාගෙන සිටින බව ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

කන්න නැතුව පාරට බහින ජනතාව වෙඩි තබා ඝාතනය කරන්නට ආණ්ඩුවට තිබෙන අයිතිය කුමක්දැයි දිසානායක මහතා ප්‍රශ්න කළේය.

ජනතාව පාරට බහින්නේ තමන්ගේ ඔලුවේ හැදෙන හිතලු මත නොවේ යැයිද නිවසේ ඇත්ත ප්‍රශ්නයක් පැන නැගී තිබෙන අතර ආදායම වැඩි නොවුනත් ආහාර මිල ඉහළ යමින් විශාල භාණ්ඩ හිඟයක් ඇති වී තිබෙන අතර සියලු රැකියා කරන්නන් ගේ ජීවිත අනාරක්ෂිත කර තිබෙන බවද අනුර දිසානායක මහතා සඳහන් කළේය.

මෙි ජනතා හැඟීම් දැනෙන්නේ නැති හිරිවැටුණු ආණ්ඩුවක් බවද අනුර දිසානායක මහතා කීය.

Related posts

අත සහ පොහොට්ටුව එක්වෙයි

Admin

ගජමුතු විකුණන්න ගිය 5ක් STF දැලේ…

Admin

අදත් ගිගුරුම් සහිත වැසි

colombotoday

හෙට ඉන්ධන ලබාගත හැකි පිරවුම්හල් මෙන්න

colombotoday

“නළුවෙක් නෙවෙයි මොළයක්” කියපු රනිල්ට “අලයක් තරම්වත් මොළයක්” නැති බව ඔප්පු කරලා ඉවරයි – විමල්

colombotoday

මහ සමුළුවට නොඑන සියලුම ශ්‍රීලනිප මන්ත්‍රීන්ගේ පක්ෂ සාමාජිකත්වය අහෝසියි !

colombotoday