Colombo Today Local News

ගමේ ගිය අයට කොළඹ එන්න අදත් විශේෂ ප්‍රවාහන සේවා.

අලුත් අවුරුද්දට ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සඳහා අදත්(16) විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක වේ. ‍

ලංකා ගමනාගමන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි ඒ. එච්. පණ්ඩුව ස්වර්ණහංස මහතා සඳහන් කරන්නේ, ඒ සඳහා අතිරේක බස් රථ 200ක් යොදවා ඇති බවය.

මේ අතර, ගම්බිම් බලා ගිය ජනතාවට යළි කොළඹට පැමිණීම සඳහා විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මක බව ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් කමාන්ඩර් නිලාන් මිරැන්ඩා මහතා සඳහන් කරයි.

එමෙන්ම ගම්බිම් බලා ගිය ජනතාවට කොළඹට පැමිණීමට අනිද්දා සිට විශේෂ දුම්රිය කිහිපයක් ධාවනයට එක් කරන බව දුම්රිය ගමනාගමන අධිකාරි ගාමිණි සෙනෙවිරත්න මහතා පවසයි.

Related posts

දිවයින පුරා සියලුම මත්පැන් අලෙවිහල් මුද්‍රා තබයි

colombotoday

කොවිඩ් මරණ 2009 දක්වා ඉහළට… ගතවූ පැය 24ට 132ක් මියගිහින් !

colombotoday

මුල්ලේරියාව රෝහලට චීනයෙන් නොමිලයේ PCR යන්ත්‍රයක්

colombotoday

ඉම්රාන් ඛාන් රජය වූහාන්වල සිරවූ පාකිස්ථානුවන් සියරට ගෙන්වා නොගැනීමට තීරණය කරයි !

colombotoday

දිස්ත්‍රික්ක හතරක අඩු ආදායම්ලාභී ගොවි පවුල් වලට නොමිලයේ යුරියා

Admin

ත්‍රීකුණාමලයේදී බස් රථයකට ගිනි තබයි !

colombotoday