ගෝල්ෆේස් උද්ඝෝෂණය පවත්වාගෙන යාම සඳහා එක් එක් දිස්ත්රික්කයට එක් එක් දින බෙදා දීමට ජනතා විමුක්ති පෙරමුණ කටයුතු කර ඇති බව වාර්තා වෙනවා.
ඒ අනුව ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයින් ජනාධිපති ලේකම් කාර්යාලය අසල පැවැත්වෙන උද්ඝෝෂණය සඳහා විවිධ දිස්ත්රික්ක නියෝජනය කරමින් ඉදිරියේදී සහභාගී වීමට නියමිතය.
උද්ඝෝෂණය අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා ජනතා විමුක්ති පෙරමුණ මෙම ක්රමවේදය අනුගමනය කරනු ලබයි.
ඊයේ දින කුරුණෑගල දිස්ත්රික්කය නියෝජනය කරමින් ජවිපෙ සාමාජිකයන් උද්ඝෝෂණය පවත්වාගෙන ගොස් ඇත.