Colombo Today Local News

බෝට්ටුවක තිබී කැවුමාගේ හෙරොයින් කිලෝ 300 ක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා දකුණු වෙරළට ඔබ්බෙන් මුහුදේදී දේශීය බෝට්ටුවක තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 300 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 25 ක් සමග සැකකරුවන් හය දෙනකු අත්අඩංගුවට ගත් බව නාවික නාවික හමුදාව මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා පැවසීය.

නාවික හමුදාව, පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්‍යංශය සහ රාජ්‍ය බුද්ධි තොරතුරු ඒකකය සමග එක්ව කළ මෙහෙයුමකදී මෙම මත්ද්‍රව්‍ය තොගය අත්අඩංගුවට ගැනීමට හැකි වූ බවත් මත්ද්‍රව්‍ය තොග, පුද්ගලයන් හය දෙනා සහ විශාල ප්‍රමාණයේ ධීවර යාත්‍රාව මේ වන විට ගාල්ල වරයාට ගෙනැවිත් තිබෙන බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

මෙම විශාල ප්‍රමාණයේ ධීවර යාත්‍රාව සමග ඩිංගි බෝට්ටුවක් සහ පුද්ගලයන් දෙදෙනෙකු ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් නාවික හමුදාව අත්අඩංගුවට ගෙන ඇති බවත් මෙම මත්ද්‍රව්‍ය තොගය සහ අත්අඩංගුවට ගත් පුද්ගලයන් අට දෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදීමට නියමිත බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කපිතාන් ඉන්දික ද සිල්වා මහතා වැඩිදුරටත් පැවසීය.

මෙම මත්ද්‍රව්‍ය තොගය “කැව්මා” නැමති මත්ද්‍රව්‍ය ජාවාරම් කරුට අයත් බව වැඩිදුරටත් වාර්තා වේ.

Related posts

මොරගහකන්ද ගොවීන් අන්ත අසරණ කළ කාබනික වී වගාව

colombotoday

මන්ත්‍රී අකිලගේ නිවසට සහ දේපලවලට ගිනි තැබූ සැකකරුවෙකු අල්ලයි

colombotoday

දඹුල්ල ආර්ථිකය හෙට සිට යළි විවෘතයි

colombotoday

බැදුම්කර කොමිසම නිසා ජනපතිට ජීවිත තර්ජණ !

colombotoday

එන්නතට ජුම්මා පල්ලියෙන් ටෝකන් දෙන්න ආ පුත්තලම මන්ත්‍රි අලි සබ්රි රහීම් පොලිසියෙන් පන්නා දමයි

colombotoday

14 වනදා මැදියම් රැයේ සිට සමාජ මාධ්‍ය අවහිර කිරීමේ සූදානමක් !

colombotoday