Colombo Today Local News

කරාබු යුවළ කොල්ල කන්න නිවසේ තනිව සිටි කතක් මරා දාලා

නිවසේ තනිවම සිටි 84 හැවිරිදි තිදරු මවක් ඝාතනය කර ඇය පැළඳ සිටි රන් කරාබු යුගල ඝාතකයන් විසින් රැගෙන ගොස් ඇති බව තලවකැලේ පොලිසිය පවසයි.

මුඛය රෙදි කැබැල්ලකින් සිරකර, රෙදි පටියක් ආධාරයෙන් ගෙල සිරකර කර මෙසේ ඝාතනය ඇත.

එසේ ඝාතනය කර ඇත්තේ තලවකැලේ පොලිස් වසමට අයත් වටගොඩ උතුරුමැද කුඹුර වතුයායේ එන්. සී. කොටසේ පදිංචිව සිටි අම්මාසි මුකායි නමැති තිදරු මවකි.

වටගොඩ ප්‍රදේශයට ඉකුත් 08 දා පස්වරුවේ ඇද හැලූණු අධික වර්ෂාවත් සමග තිදරු මව නිවසේ නිදා සිට ඇති අතර එම අවස්ථාවේ නිවසට ඇතුල් වූ කිසියම් අයකු විසින් ඇය ඝාතනය කර පැළඳ සිටි රන් කරාබු යුවළ රැගෙන ගොස් ඇති බවත් ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන තලවකැලේ පොලිසිය කියයි.

මියගිය කාන්තාවගේ දරුවන් එම අවස්ථාවේ නිවසේ සිට නැත. එම දරුවන් පස්වරු 4.30 ට පමණ නිවසට පැමිණ මව නිදා සිටි නිසා එයට බාධා නොකර පසුව පස්වරු 6.30 ට පමණ පරීක්ෂා කර බැලීමේදී මව ඝාතනය කර ඇති බවට නිරීක්‍ෂණය වීමත් සමග ඒ පිළිබඳ දරුවන් විසින් තලවකැලේ පොලිසිය වෙත පැමිණිලි කර ඇත. නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහෙස්ත‍්‍රාත් නලීන් තිලකා හේරත් මහත්මිය විසින් ස්ථාන පරීක්ෂාව සිදුකළ අතර එහිදී මහෙස්ත්‍රාත්වරිය තලවකැලේ පොලිසියට නියෝග කර ඇත්තේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නුවරඑළිය මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කරන ලෙසයි.

ඝාතනය සම්බන්ධයෙන් තලවකැලේ පොලිසිය නුවරඑළිය පොලිස් කොට්ඨාස සුනඛ අංශයේ සහයෝගය ලබාගෙන අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ අරඹා තිබේ.

Related posts

පලාගල පුරාවිද්‍යා ස්මාරක සහිත භූමියක් ඩෝසර් කරලා..

colombotoday

ශ්‍රී ලංකාවේ දිනයක් තුල වාර්තා වූ වැඩිම ආසාදිතයන් ප්‍රමාණය වාර්තා වෙයි. සාදිතයින් ගණන 417ක් දක්වා ඉහළට

colombotoday

බස්නාහිර විශේෂ මෙහෙයුමකින් සැකකරුවන් 1120ක් අත්අඩංගුවේ

colombotoday

පාසල් පෙළපොත්වලට තමන්ගේ මුණ ඔබා ගත් ඇමති අකිල විරාජ්ට නොතීසි

colombotoday

නඩු – අවනඩු අස්සේ ශ්‍රී ලංකා බාලදක්ෂ කොමසාරිස්වරයා දිව්රුම් දෙයි.

colombotoday

විමල් විරවංශ වැලිකඩ බන්ධනාගාර රෝහලට

colombotoday