Colombo Today Local News

“ඩීසල් ගොඩබාන්න බැරි උනා. අදයි හෙටයි පෝලිම් වල ඉන්න එපා”

ඊයේ (29) සවස ගොඩබෑමට නියමිතව තිබූ ඩීසල් මෙට්‍රික් ටොන් 37,500ක් සහිත නෞකාවේ ඩීසල් ගොඩබෑමට නොහැකි වූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා පැවසීය.

ඒ හේතුවෙන් අද (30) සහ හෙට (31) දෙදින තුළ ඩීසල් ලබාගැනීම සඳහා සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම්වල රැඳී නොසිටින ලෙස ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

නමුත්, අත්‍යවශ්‍ය සේවා සඳහා ඩීසල් සැපයුම අඛණ්ඩව සිදුකෙරෙන බවද දැනුම්දෙයි.

එමෙන්ම පෙට්‍රල් පිළිබඳව කිසිඳු ගැටලුවක් නොමැති අතර මහජනතාවට සාමාන්‍ය පරිදි පෙට්‍රල් ලබාගත හැකි බවද ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

පුපුරණ ද්‍රව්‍ය සමග තිදෙනෙක් කිලිනොච්චියේදී අත්අඩංගුවේ

colombotoday

විදුලි බල සහ බලශක්ති ඇමති කටාර් කම්කරු ඇමති හමු වෙයි

colombotoday

මැති ඇමතිලාට වාහන ගැනීම කල් දැම්මා… ගංවතුරෙන් පසුව ගන්නවා

colombotoday

නයිජිරියානු ජාතිකයින් දෙදෙනෙක් මහරගමදී අත්අඩංගුවට

colombotoday

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ කාලසටහන් නිකුත් කරයි

Admin

ආරක්ෂක ලේකම් සහ පොලිස්පති 296,297 වගන්ති යටතේ අත්අඩංගුවට ගන්න – විජේදාස ජනපතිට ලියයි

colombotoday