ජීවිත අවධානමක් නොමැති සියලුම සැත්කම් තාවකාලිකව නවතා දැමීමට කරාපිටිය රෝහල් අධ්යක්ෂවරයා තීරණය කර තිබේ.
නිර්වින්දය සඳහා භාවිතා කරන Neostigmin නමැති ඖෂධ ප්‍රමාණවත් තරම් නොමැතිවීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.
අදාළ ඖෂධයේ තොග තත්ත්වය යහපත් වන තෙක් මෙසේ ශල්‍යකර්ම තාවකාලිකව නවතා දමා ඇත.
මේ පිළිබඳව අධ්යක්ෂවරයා ලිපි මගින් රෝහල් කාර්ය මණ්ඩලය දැනුවත් කර ඇති බව වාර්තා වේ.