Colombo Today Local News

දුම්රිය එන්ජින් රියැදුරු සංගමය වර්ජනයක්

අද (29) මධ්‍යම රාත්‍රියෙන් පසු අතිකාල මත සිදුකරන සියලුම සේවා වාර වලින් ඉවත් වීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් ආරම්භ කරන බව දුම්රිය එන්ජින් රියැදුරු සංගමය පවසයි.

මේ හේතුවෙන් හෙට (30) දුම්රිය ගමන්වාර වලින් සියයට අනූවක්ම අවලංගු වීමට හෝ ප්‍රමාද වී ධාවනය වීමට නියමිත බව දුම්රිය එන්ජින් රියැදුරු සංගමයේ ලේකම් ඉන්දික දොඩම්ගොඩ මහතා පවසයි.

දුම්රිය රියැදුරන් පිරිසක් ඉලක්ක කරගනිමින් අසාධාරණ අන්දමින් අතිකාල කප්පාදු කිරීම, එක් එක් සේවාවාර සඳහා දුම්රිය රියැදුරන් නිල කිරීම, මාධ්‍ය හා විගණන අංශ මගින් දුම්රිය රියැදුරන්ගේ අතිකාල සම්බන්ධයෙන් සිදුකරන ප්‍රචාර සඳහා දුම්රිය කළමනාකාරීත්වය නිවැරැදි පැහැදිලි කිරීමක් සිදුනොකිරීම, පොල්ගහවෙල, අලුත්ගම, හලාවත, මාතර යන දුම්රිය ස්ථාන කේන්ද්‍රගතව දුම්රිය රියැදුරු කාර්යභාර නිලධාරී කාර්යාල ස්ථාපිත නොකිරීම යන හේතු කාරණා මත මෙම ක්‍රියාමාර්ගය ආරම්භ කර තිබේ.

මේ වසරේදී දුම්රිය වෘත්තිය සංගම් ආරම්භ කරන ලද වර්ජන හේතුවෙන් දින දහයකට ආසන්න කාලයක් දුම්රිය ධාවනයට බාධා එල්ල වූ අතර ඒ සෑම ක්‍රියාමාර්ගයක් මගින්ම මගීන් දැඩි සේ අසීරුතාවට පත්විය.

Related posts

ඇමැති ධුරවලින් පැන්නු විමල්-උදය මැතිසබයේ නෑ

colombotoday

අධ්‍යාපන කාර්යාලයක වැසිකිළියක මළ සිරුරක්

Admin

වරාය, ගුවන්තොට විකිණීමට විරෝධය දැක්වූ 28ක් රිමාන්ඩ්

colombotoday

බැදුම්කර මගඩියට අමතරව, අර්ජුන් මහේන්ද්‍රන් කෝටි 66ක් ගසා කාලා.. විගණන වාර්තා මෙන්න

colombotoday

ලංකාවේ විශාලතම හා තාක්ෂණයෙන් උසස්ම පොහොර කම්හල විවෘත කරයි

Admin

සියලුම පාසල්වල ජනපති රුව ප්‍රදර්ශනය කිරීමට නියෝග !

colombotoday