දිවයින පුරා ඩෙංගු රෝග ව්‍යාප්තියේ යළි සීඝ්‍ර ලෙස වර්ධනය වෙමින් පවතින බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
එම ඒකකය සඳහන් කරන්නේ, ගත වු සතිය තුළ පමණක් ඩෙංගු රෝගීන් 733 දෙනෙකු හඳුනාගත් බවයි.
මේ වසරේ ගත වු කාලය තුළ හඳුනාගෙන ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 12,034කි.
කොළඹ, ගම්පහ සහ කළුතර දිස්ත්‍රික්කවල වැඩි වශයෙන් ඩෙංගු රෝගීන් වාර්තා වන අතර යාපනය දිස්ත්‍රික්කයේද ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇත.
දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කලාප 47ක් ඩෙංගු අධි අවදානම් කලාප ලෙස ද හඳුනාගෙන ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.