Colombo Today Local News

ජී.එල්. පීරිස්ගේ ඇමතිධුරයට උණු දේ

ජනාධිපති ​ගෝඨාභය රාජපක්ෂ විසින් විදේශ ඇමැති මහාචාර්ය ජී.එල්. පීරිස් ඇමැති ධුරයෙන් ඉවත් කර නැවත එම ඇමැති ධුරයටම පත් කරනු ලැබීය.

මෙසේ මහාචාර්ය පීරිස්ව ඇමැති ධුරයෙන් ඉවත් කර නැවත එම ධුරයට පත් කර ඇත්තේ විදේශ අමාත්‍යාංශයේ ‘නම’ වෙනස් කිරීම හේතුවෙනි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පසුගිය මාර්තු 18 වැනිදා නිකුත් කළ අති විශේෂ ගැසට් නිවේදනයක් මගින් මෙම සංශෝධනය සිදු කර ඇත.

මෙරට විදේශ සබඳතා පිළිබඳව කටයුතු කරන අමාත්‍යාංශය මෙතෙක් කලක් ‘විදේශ අමාත්‍යාංශය’ ලෙසින් හැඳින්වුණු නමුත් දැන් එය ‘විදේශ කටයුතු අමාත්‍යාංශය’ ලෙස අලුතින් නම් කර තිබේ.

ඒ අනුව මෙතෙක් ‘විදේශ ඇමැති ධුරයේ’ කටයුතු කළ මහාචාර්ය ජී.එල්. පීරිස්ව මින් ඉදිරියට හඳුන්වනු ලබන්නේ ‘විදේශ කටයුතු ඇමතිවරයා’ වශයෙනි.

Related posts

ජනපති සිරිසේන 2020දී යළි ජනපති සටනට !

colombotoday

ක්‍රිකට් අතුරුකමිටුව 20තෙක් බලරහිත කෙරේ…

Admin

හිටපු බුද්ධි අංශ ප්‍රධානී මේජර් ජනරාල් අමල් කරුණාසේකර යළි රිමාන්ඩ්

colombotoday

විදුලි බිලක් විසිකර දැමූ අයෙකුට දස දහසක දඩයක්

colombotoday

අද එන්නත් ලබාදෙන ස්ථාන මෙන්න

colombotoday

ගන්දර සමන් STF දැලේ

colombotoday