Colombo Today Local News

ලිට්‍රෝ ගෑස් රුපියල් 2000කින් වැඩි වන ලකුණු

ලිට්‍රෝ සමාගම ගෑස් සින්ඩරයකින් රුපියල් 2000 ක පාඩුවක් ලබන නිසා ගෑස් මිල කළමනාකරණය කර ලිට්‍රෝ ගෑස් සමාගම රැකගැනීමට කටයුතු කරන්නැයි ලිට්‍රෝ ගෑස් සමාගම සුරැකීමේ සංවිධානය බලධාරීන්ගෙන් ඉල්ලා සිටි.

ලිට්‍රෝ ගෑස් සමාගම සුරැකීමේ සංවිධානය වෙනුවෙන් එම සමාගමේ ප්‍රචාරණ කළමනාකරු පියල් කොළඹහෙට්ටිගේ මහතා පැවසුවේ පාඩු ලබමින් තව දුරටත් ගෑස් සැපයුව හොත් ලිට්‍රෝ සමාගම තවත් මාස තුනකින් වසා දැමීමට සිදුවන බවත් රටට ඉතුරුව තිබෙන එකම ගෑස් සමාගම බේරාගැනීමට බලධාරීන් කටයුතු කළ යුතු බවත්ය.

මේ වන විට ගෑස් බාමින් තිබෙන නෞකාවෙන් පමණක් ලිට්‍රෝ සමාගම රුපියල් මිලියන 200 ක පාඩුවක් ලැබීම හේතුවෙන් ඉදිරියේදී ආනයනය කරන නෞකාවලින් වන පාඩුව රුපියල් මිලියන 200 ක් ඉක්මවීම අනිවාර්ය බව කී කොළඹහෙට්ටිගේ මහතා කිලෝ 12.5 ක ගෑස් සිලින්ඩරයක වර්තමාන පිරිවැය රුපියල් 4462.25 ක් වුවද එය රුපියල් 2675 කට අළෙවි කරන බව ද සඳහන් කර සිටි.

ලිට්‍රෝ සමාගම 2021 වසරේ සිට ජනතාවට සහන සැළසීම සඳහා පාඩු ලබමින් ගෑස් ලබාදීම හේතුවෙන් 2021 වසරේ පමණක් රුපියල් කෝටි 1100 ක් අහිමිකරගත් අතරම මෙම වසරේ මේ දක්වා කාලය තුළ රුපියල් කෝටි 100 ක් අහිමිකරගෙන ඇති බවත් වර්තමානය වන විට ආයතනයේ මූල්‍ය තත්වය ඉතාමත් දුර්වල වී ඇති බවත් ඒ මහතා සඳහන් කළේය.

කොළඹ පිහිටි ලිට්‍රෝ සමාගමේ ප්‍රධාන කාර්යාලයේදී අද (18) පස්වරුවේ පැවැත් මාධ්‍ය හමුවේදී පියල් කොළඹහෙට්ටිගේ මහතා එසේ පැවසීය.

Related posts

ජනපති යලි දිවයිනට සෙල්ෆි ගහන්න ගුවන්තොටේ පොරයක්

Admin

දෙවනගල පුදබිමේ කෙසෙල් වගාකිරීමට දැරූ උත්සාහය වලක්වයි

colombotoday

මෙවර බෙල්ලන්විල ඇසළ පෙරහර මංගල්‍ය පූර්ණ රාජ්‍ය අනුග්‍රහයෙන්

Admin

විපක්ෂයේ සමහරුන්ගේ හැසිරීම ඉතාම අශෝභනයි… තේරුමක් නැති පල් හෑලි කතා කරනවා

Admin

පුපුරණ ද්‍රව්‍ය කූරු 7,990ක් සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

colombotoday

රනිල්ගේ අභියෝගය සජිත් බාරගනී

Admin