Colombo Today Local News

අද ඉන්ධන මිල වෙන්න ඕනේ ඩීසල් ලීටරය රු. 126 යි – පෙට්‍රල් ලීටර රු. 130යි. ආණ්ඩුව ඉන්ධනවලින් ලාභ උපයනවා

යහපාලන ආණ්ඩුව තිබුනේ නම් අද ඉන්ධන මිල විය යුත්තේ ඩීසල් ලීටරය රු. 126 ක් සහ පෙට්‍රල් ලීටර රු. 130 ක් පමණක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

වෙළෙඳපොලේ තෙල් මිල සීඝ්‍රයෙන් පහළ බසිමින් තිබෙන බවත් බොරතෙල් මිල ඩොලර් 98 දක්වා පහත බැස ඇතැයිද රණවක මහතා පවසයි.

ආණ්ඩුව ඉන්ධනවලට පනවා ඇති සහගහන බදු හරහා ජනතාව පත් කර ඇති පීඩනය මින් අවබෝධ කර ගත හැකි බවත් කොළඹදී මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් ඔහු මේ බව කීය.

මහජනතාව පෝලිම් වල දුක් විදිද්දී පෙට්‍රල්, ඩීසල් වලින් රුපියල් 120 ට අධික ප්‍රමාණයක මුදල් බදු වලටත් අමතරව ලාභ හැටියට රජය උපයා ගන්නා බවත් හෙතෙම පවසයි.

ආණ්ඩුවේ වැරදි මූල්‍ය කළමනාකරණය නිසා අද රටේ ජනතාවට වන්දි ගෙවන්න සිද්ධ වී ඇති බවත් ඔහු තවදුරටත් සදහන් කළේය.

Related posts

ශ්‍රී ලංකාවට එක්සත් ජාතීන්ගෙන් විශේෂ නිවේදනයක්…

colombotoday

රට ගිනි ගොඩක.. ඇමතිලා 30ක් අගමැති පොරයේ.. රාජිත, මංගල පෙරමුණේ (Video)

colombotoday

කොටි සැමරුම් තහනම් – යාපනය අධිකරණයෙනුත් නියෝගයක්

colombotoday

අත්අඩංගුවට ගන්නා කංසා වලට කරන්න යන දේ…

colombotoday

“ඇමති බිරියන්ගේ හඩපටත් මා සතුයි” – රන්ජන් මේ ආණ්ඩුවේ මැති ඇමතිලාත් බයභීත කරවයි

colombotoday

තෙවන මහලෙන් වැටුණු සිසුවා මිය යයි

Admin