World

ඔබාමාටත් කෝවිඩ්

ඇමෙරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති බැරැක් ඔබාමාට කෝවිඩ් රෝගය වැළඳී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඔහු, තමන් හට කෝවිඩ් රෝගය වැළඳී ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් ඊයේ (13)දින ප්‍රකාශ කළේය.

“කෝවිඩ් රෝගය තිබේදැයි පරික්ෂා කිරීමට සිදු කළ පී.සී.ආර් පරීක්ෂණය පොසිටිව් දවස් කිහිපයක සිට උගුරේ අසාත්මිකතාවයක් තිබුණා වෙන අමාරු මොනවත් නැහැ. මගේ බිරිඳටත් පී.සී.ආර් පරීක්ෂණයක් කළා එකේ ප්‍රථිපලය නෙගටිව්” තම නිල ට්විටර් ගිණුමේ සටහනක් තබමින් හිටපු ජනපති ඔබාමා පැවසීය.

බැරැක් සහ මිෂෙල් ඔබාමා දේපල කෝවිඩ් මර්දන එන්නත් දෙක සහ බූස්ටර් එන්නතද ලබාගෙන ඇති අතර ඒ හේතුවෙන් හිටපු ජනාධිපති බැරැක් ඔබාමා හට උගුරේ ආසාත්මිකතාවයක් හැර වෙනත් කිසිඳු රෝග ලක්ෂණයක් නොමැති සේම දරුණු කෝවිඩ් තත්ත්වයක් නොමැති බව වෛද්‍යවරු පවසති.

Related posts

ජෝ බයිඩ්න් ෆයිසර් බයෝ-එන්-ටෙක් කොවිඩ් එන්නත ලබා ගනී

colombotoday

බංගලාදේශය තබ්ලික් ජමාත් සාමාජිකයින් 321ක් පල්ලි දෙකකට දමා වසා දමයි.

colombotoday

බංග්ලාදේශ විපක්ෂ නායක මිර්සා ෆකුරුල් අත්අඩංගුවට

Admin

‘මැණිකේ මගේ හිතේ ‘ හින්දියෙන් ගායනා කළ “Thank God” සිනමාපටයට නඩු

colombotoday

ජගත් ආරක්ෂක මණ්ඩලය රැස්වෙයි

Admin

ඇෆ්ගනිස්තානයේ සීක්-හින්දු ආගමික ස්ථානයකට ඉස්ලාමික රාජ්‍ය ත්‍රස්තවාදීහු පහර දෙති. 25ක් ජීවිතක්ෂයට

colombotoday