Colombo Today Local News

මුලතිව් කැලෑවක පිපිරීමක්. පුද්ගලයෙකු මරුට

මුලතිව් නට්ටාන්කණ්ඩල් පොලිස් වසමේ සිරාට්ටිකුලම් ප්‍රදේශයේ කැලෑවක පිපිරීමක් සිදුව තිබේ.

පොලීසිය පැවසුවේ ඊයේ (09)දින සිදුවූ පිපිරීමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා මල්ලාවි රෝහලට රැගෙන යාමෙන් පසුව මියගිය බවයි.

මියගිය පුද්ගලයා කැලෑවට ගිය හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව පොලීසිය පවසයි.

එමෙන්ම පුපුරා ගොස් ඇත්තේ බෝම්බයක් ද යන්න පිළිබදව සොයා බැලීම සදහා පරීක්ෂණ කටයුතු අද (10)දින ආරම්භ කරන බව පොලීසිය කියයි.

පිපිරීමෙන් මියගියේ නට්ටාන්කණ්ඩල් උලවනේරි ප්‍රදේශයේ පදිංචි 38 හැවිරිදි ධර්මලිංගම් ඉලංකෝ නමැති අයෙකුය.

මේ සම්බන්ධයෙන් නට්ටාන්කණ්ඩල් පොලීසිය වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුකරනු ලබයි.

Related posts

රට පුරා අදත් තෙල් පෝලිම්.. නැව එන්නේ 09 වැනිදා !

colombotoday

පොලිස්පති ඇතුළු තිදෙනකුට නොතීසි නිකුත් කෙරේ…

Admin

බියර් බොතල් 25000 ක් සමග කන්ටේනරයක් පෙරලෙයි.

colombotoday

වරාය වෘත්තිය සමිති සහ අගමැති අතර අද සාකච්ඡාවක්

colombotoday

සමහරුන්ට ඕනේ සිරිකොත අල්ල ගන්න, මට ඕනේ අරලියගහ මන්දිරයට යන්න- රනිල්

colombotoday

පුංචි ඡන්දේ අප්‍රේල් 25

Admin