තමන් මුස්ලිම් අයිතීන් වෙනුවෙන් නිරන්තරයෙන්ම පෙනී සිටින බව අමාත්‍ය රාජිත සේනාරත්න පවසනවා.
අලුත්ගමදී පැවති ජනහමුවක් අමතමින් රාජිත අමාත්‍යවරයා පැවසූවේ එදා භික්ෂූන් වහන්සේලා විසින් මුස්ලිම් ජාතිකයන්ගේ කෑම වට්ටෝරුව ගැන තීරණ ගත්තද අද එසේ කරන්නට කාටවත් ඉඩක් නොදනෙ බවයි.
2015 ජනවාරි 8 වූ වෙනසට මෙරට ජාතියක් ලෙස වැඩියෙන්ම දායක වූයේ මුස්ලිම් ජනයායි. එදා රට ආරක්ෂා කරනවා කිවුවේ රාජපක්ෂලා ආරක්ෂා කරන එකටයි. ඒත් අද යහපාලන රජය ජනතාව ආරක්ෂා කරනවා. අපි සුදුවෑන් යුගය අවසන් කලා. ජාතික සමගිය අවශ්‍ය නම් මහින්ද රාජපක්ෂ පරාජය කළ යුතුයි යන්න අපි සිතුවා. යෑයිද ඔහු පැවසීය