Colombo Today Local News

කෝටියක අයිස් මත්ද්‍රව්‍ය සමග පුද්ගලයෙක් අත්අඩංගුවට

රුපියල් කෝටියකට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු විශේෂ කාර්ය බලකාය නිලධාරීන් විසින් මන්නාරම තාරපුරම්, ඉන්ධන පිරවුම්හල අසල දී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරු සන්තකයේ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 01, ග්‍රෑම් 15 ක් ප්‍රමාණයක් තිබී ඇත.

සැකකරු එරුක්කලමිපිඩිඩි, මන්නාරම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 36 වන පුද්ගලයකි.

මන්නාරම කල්ලඩි තල්ලඩි යුද හමුදා යුද හමුදා කඳවුරේ බුද්ධි අංශ ලබාදුන් තොරතුරකට අනුව ඊයේ (6) පස්වරුවේ මෙම වැටලීම සිදුකර ඇත. අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මන්නාරම පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.

Related posts

පිල්ලෙයාන්ට එරෙහි ඝාතන නඩුව ඉල්ලා අස්කර ගන්නා බව නිතීපති අධිකරණයට දැනුම් දෙයි.

colombotoday

ලංකාවේ ඊ – පළාත් පාලන පද්ධතිය ඇරඹේ

colombotoday

රියදුරු බලපත්‍ර වලංගු කාලය දීර්ඝ කරයි

colombotoday

සිය බිරිද ඝාතනයට වසර14 කට පසු හිමිවූ මරණ දඬුවම

Admin

රුවන්පුර අධිවේගි මාර්ගයේ වැඩ අගමැති සුරතින් ඇරඹෙයි

colombotoday

මහ ඇමතිවරු තිදෙනෙක් ආණ්ඩුවේ වාහන 132ක් ගල් කරති !

colombotoday