Colombo Today Local News

බෙංගාල බොක්ක ආශ්‍රිත අඩු පීඩන කලාපය දුර්වල වෙයි… ප්‍රදේශ කිහිපයකට තරමක් වැසි

නිරිත දිග බෙංගාල බොක්ක ආශ්‍රිත ව පැවති අඩු පීඩන කලාපය තවදුරටත් දුර්වල වෙමින් පවතින අතර, දිවයිනේ කාලගුණය කෙරෙහි එහි බලපෑම අවම වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරයි.

එම දෙපාර්තමේන්තුව පවසන්නේ, උතුරු සහ උතුරු-මැද පළාත්වල වැසි ස්වල්පයක් ඇති විය හැකි බවයි.

එමෙන්ම මධ්‍යම, සබරගමු සහ ඌව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්වලත් සවස් කාලයේ දී හෝ රාත්‍රි කාලයේ දී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වෙනු ඇති.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතිනු ඇති බව වාර්තා වේ.

Related posts

ගුරුවරුන්ගෙන් ආණ්ඩුවට රතු එළියක්…

colombotoday

රනිල්ද, කරුද, සජිත්ද… එජාප නායකත්වය පිළිබද තීරණාත්මක සාකච්ඡාව අද !

colombotoday

“ලබන අවුරුද්දේ රාජ්‍ය ආයතන කිහිපයක් විකුණනවා” අගමැති ආයෝජකයන් හමුවේ හෙළිකරයි – Video

colombotoday

උතුර-නැගෙනහිර ඒකාබද්ධකර බලය බෙදීම අපේ එකම අරමුණයි, රජයත් එවැනි විසදුමකට පොරොන්දු වුණා – සුමන්තිරන්

colombotoday

උතුම් මැදින් පුන් පොහොය අදයි !

colombotoday

කිරලාගල දාගැබට නැග ඡායාරූප ගත් 8 දෙනා රිමාන්ඩ්…

colombotoday